Thursday, January 9, 2014

නැත්ද පොඩි ඉඩකවත් ඉන්න වෙන්විම හැර මෙමට

සුවඳවත් හද රැඳවිලා නැති මතකයන් අහුරකට
පුළුවන්ද ලියැවෙන්න පාට පාටින් පිටු අතර
කඳුළු වල රස දන්නෙවත් නැති හදවතට
පුළුවන්ද ඇවිදින් ජිවිතේ සුව පවසන්න

කුරුටුගා නුඹ ලියු පෙම් පොතෙහි රසම කවි
හැකිද අද ගලපන්න පරණ තාලයට තව
පාට පාටින් දිලිහුනේ නැතත් අද මගේ පෙම
ලියමි නැවුම් ලෙස අදත් නොමැකෙන්නටම

පාට හීනෙන් නොඉපදුන නුඹේ පෙම ගෙන හදට
කොටමි මම පපුතුරේහි සදා එය නොමැකෙන්න
හද ගැහෙන සෙනෙහසට ලං වෙලා හෙමිහිටම
නැත්ද පොඩි ඉඩකවත් ඉන්න වෙන්විම හැර

Friday, January 3, 2014

ආදරේ දින පොත (1)

දයාබර නුඹට

දන්නවාද අපි මුලින්ම දැන හඳුනගන්නකොට මම හිතුවෙම නැ ඔයා මගෙ වෙයි කියලා
මට මේ තරම්ම ලන් වෙයි කියලා
මේ තරම් මගේ ජිවිතේට සමිප කෙනෙක් වෙයි කියලා
කාලයක් යද්දි මට ඔනේ වුනේ හැමදාම ඔයාව මගෙ ලඟින් තියාගන්න
එත් ඒ ආදරයද කියන්න මන් දන්නේ නැ
මට ඔනේ උනේ හැමදාමත් හිනාවෙලා ඔයා ලඟටම වෙලාඉන්න
කාලය ඔහේ ගෙවිලා ගිහිල්ලා
මාත් ඔයත් කාලයත් එක්කම හුඟක් දුර ඇවිදිල්ලා
අද ඔයා මගෙ වෙලා ඇත්තම කියුවොත් මගෙම වෙලා
එත් කාලයක් එක්ක හැමදේම වෙනස් වෙලා
කොටින්ම කියතොත් ඔයා ආදරය විඳින කෙනෙක්
මන් පෙරලා ආදරය විඳින්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්

 .. එදා ලඟ සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ

හැමදාම දකින මේ කළු සුදු ජිවිතේ දිහා ඔහේ බලාගෙන ඉඳලා මට දැන් ඇතිවෙලා
පාට පාට හීන පිරුණු පාට පාට ජිවිතයක් දිහා බලන්න මන් ආස නැතුවාම නෙමෙයි
එත් කඳු සුදු ජිවිතයක් ඇතුලේ හිරවෙලා ඉන්නේ කරන්න දෙයක් නැති කමට

ජිවිතේ විඳවන්නට නොවෙයි විදිමට පමණයි

ඇත්ත මම නිදහස අසිමිතව  වින්ද කෙලේලෙක් වේලාවක් කලාවක් නැතිව තහන්චි යදම් නිති නැති නිදහස රජ යපු සිහිනයක් ඇතුලේ  නිදහස උපරිමෙටම විදින් පිස්සියක්
ඇත්තටම මම පිස්සියක් 
එත්
ඒදා එ වින්ඳ ඒ නිදහස

හම්ම්ම්
අදත් මගේ ලඟ නැතිවාම නෙමෙයි
නිදහස උපරිමයටම වින්දත් අද මම නිහඩයි
වෙලාවකට මම ජිවිතේ ඇතුලේ හිර වෙලාවත්ද කියලා හිතනවා

හිතේ හැඟුමන් කොටියක් පිරිලා තිබුනත් එ හැඟුමන් කොටියෙන් එක අකුරක්වත් ගලප ගන්න බැරි තරමටම මගේ හිත අද ව්‍යාකුලයි

කොටින්ම කියතොත් ඔයා මගේ ජිවිතෙට ලන් වුන දවසේ ඉඳන් මන් හැසිරෙන්නේ පිසියක් විදයට
වෙලාවකට මට මහා හයියෙන් කෑගහන්න හිතෙනවා
එහෙමත් නැතිනම් මහා හයියෙන් සින්දුවක් දාගෙන හිතවැටෙනකම් නටන්න හිතෙනවා
මම ඒ උමතුවට හුඟක් ආසයි ආදරෙයි
ආදරය උමතුව හරි පුදුමයි 
ඇත්තමයි


ඉස්සර නිතරම මවිසින් ලැයුවුන කවි සන්කල්පනා.... ම්ම්ම්
අද මගේ ඒ කවි හිත කොහෙ හැන්ගිලාද
දන්නවාද
ඔයා මගේ ජිවිතෙට ආව දවසේ ඉඳන් මන් ඔයා වෙනුවෙන් එක කවියක් එක සන්කල්පනාවක් ලියලා නැතිව ඇතිගගග ඒ ලියන්න බැරි කම නිසා නෙමෙයි ලියන්න දෙයක් නැති කමට
හැමදාම ඔයා මට කියුවත් අදවත් එක කවියක් මන් ගැන ලියන්න කියලා
මම හැමදාම උත්සහා කලා
නොලියුවේ තියන ආඩම්බර කමට නෙමෙයි
මට ඔයා ගැන ලියන්න කිසිම දෙයක් නැති නිසා
මොකද මට මේ ලොකේ ඔයාට සම කරන්න පුළුවන් දෙයක් නැ
ඔයා ගැන අකුරු වලට පටලවලා මට ඔයාට නිගා කරන්න බැ
ඒ තරම් මට නුඹ වැදගත්


කවදා හරි මම නුඹ වෙනුවෙන් ඒ නොලියු කවිය ලියයි
එ දවසට නුඹත් මමත් අපිට අපිව එපා වෙනතරමටම ආදරෙ උමතුවෙන් වෙලිලා ඉඳිවි


මම
නුඹේ ආදරය නොවිඳින
එත් නුඹට පණමෙන් ආදරය කරන
නොලියු කවිය....




-කළුවර හීනය-