Tuesday, September 10, 2013

කඳුළු කවිකම්

මතක කඳුලින් දෙවු දෙනුවන් ඇසඟ සිතල තවරලා
සිතට රහසින් හෙලු කඳුලැලි මතක එකිනෙක අහුරලා
ඇවිද ආ ගිය පාළු මගතොට අපේ සැමරුම් හිරවෙලා
නුඹට රහසින් මමත් නවතිමි නෙතඟ කඳුලින් බරවෙලා

වැටි හිනැහුන රොබරොසි මල් එකින් එක අද පරවෙලා
අපේ මතකෙට රහස් අමුණයි මලින් මල ගෙන ඇහිදලා
මතක එක්වුණු පාළු ලන්දේ මඟතොටක අපි තනිවෙලා
කියු පෙම්බස් ආයෙ මුමුණමු මතකයන් තුරුලට වෙලා


ඉඳ හිටක හො නුඹේ සුළඟක් ලඟ රැදේදො සොයනෙමි
හද සොයන එ මතක අහුරට තව තවත් පෙම් කවි පබඳිමි
කඳුළු මල් හද සනසවයි නම් උනන කඳුලැලි සිපගමි
යලිත් එයි නම් සිහිනයට වුව ආදරෙන් හිත පුදදෙමි


 
 සුවඳ තැවරුනු මතකයන් ලඟ දෙදණ තබමින් හිනැහිලා
හෙටත් හිනැහෙමි නුඹේ දෙස මම බලා රහසින් සැනසිලා
කඳුළු අමුණමි මතක ඇහිදන් පරව ගිය මල් දෙසබලා
යලිත් හිනැහෙමු සසර මඟක අපි පෙම්වතුන් ලෙස හමුවෙලා


__කළුවර හීනය__

 

Tuesday, September 3, 2013

එත් හමුවෙමු පුරුදු සසරක



         සිත කඳුලක් වැටි හෙමිහින්
ඇසි දාර ලඟ හිනැහිලා
මතක සුලඟක් ගතේ දැවටි
නුඹෙ සෙනෙහස සිහිකලා

සුසුම් අහුරක් ගලා කොපුලෙන්
සෙනෙහ පිරු සිත ගොළු කලා
කාත් කවුරුවත් නොමැති හිත ලඟ
නුඹත් මතකෙට පිටුවක් වෙලා

හමුවෙලා එක්වෙන්න සසරේ
පිරු පින් මදි අපි රැස්කලා
එත් හමුවෙමු පුරුදු සසරක
යලිත් පෙම් හිත ඇහැරවා

--කළුවර හීනය--