Tuesday, August 13, 2013

ඇතුලගත් තව සුසුමන් හෙලයි නුඹ ඇවිත් ගිය පෙර මඟ දෙස බලා

බිනර වැස්සේ තෙමි රහසේම මතක සුවඳක පැටලිලා
වැටුනු වැහිබිදු පිරි පෙම් ගඟ යයි තවත් දෙගොඩම ගලා
අදත් හිනැහෙයි එදා වාගෙම ඇතුලගත් තව නොසැලිලා
ගියත් වෙන්වි  මතක සුවඳත් අරන් රහසේ පිටවෙලා

ගලා වැටෙනා කඳුළු බිදුවල නුඹේ සිනහව හිනැහිලා
වලා පටකින් නුවන් පිරා සොයන දෙසවන් සැඟවිලා
සලා දෙකොපුල් පුරා රැව් දුන් සිනා මල්වැල පරවෙලා
බලා සැනසෙමි නුඹේ මතකය අරන් දොතට සැනසිලා

පහන් තරුවක් පායනා සේ හදේ කොනකම නැවතිලා
එළිය කල හැටි තාම මතකයි පෙමින් හදවත නහවලා
සඳුන් සුවඳක් වගේ දැවටි පෙමින් හිත මල සරසලා
තාම මතකයි උන්නු හැටි ලඟ හදට හදවත යාවෙලා

ගලා පෙම් දිය වාන් දමනා කඳුළු ගඟකට හැඩවෙලා
රටා මවමින් දිය රැළිති උඩ ඇඳුනු මතකය හිනැහිලා
අදත් හිනැහෙයි එදා වාගෙම මතකේ හදවතේ රැව්දිලා
හමුවෙලා වෙන් වුනත් මෙලෙසින් ඇත තවත් පෙම ලියැවිලා

__ කළුවර හීනය__ 

11 comments:

  1. හැමදාම වගේ . . . ලස්සණ යි!

    ReplyDelete
  2. ලියවිලාද ලියලලාද???

    ReplyDelete
    Replies
    1. අනිවා ලියවිලා.....

      Delete
  3. නයි කයිද රෝස් පාං...
    ලව් හරියන්නෑ..
    හරියන්නෙම නෑ...

    ReplyDelete
  4. බිනර වැස්ස. ලස්සනයි මේ වචනය ගොඩාක්.

    ReplyDelete
  5. යමෙක් කවියෙක්ද - හෙතෙම ආදරය කරන්නෙක්ද වෙයි
    යමෙක් දාර්ශණිකයෙක් වේද - හෙතෙම ආදරය පැරදුණු කෙනෙකු වෙයි

    ReplyDelete
  6. බිනර වැස්සේ තෙමුණු නුබ ගැන නිකිණි මතකේ රඳවලා.....
    තෙමපු වැහි බිඳු දෙස බලා මම කඳුළු අරගෙන පියඹලා.....
    අදත් හඬනවා ඇතුළු හදවත කඳුළු නම් දැන් වියැලිලා.....
    ගියත් නුබ හැර හදේ රැඳුනා උමතුවක් මෙන් හඬවලා.....

    වැටෙන කඳුලේ සිනා මල් නැත නුබ නමින් මුකුලිත වෙලා....
    අඳුරු අහසේ රැගෙන පුර හඳ ලෙසින් මගේ නෙත රුදු වෙලා...
    මගේ හසරැලි නුබ වගේ ළඟ ඇවිත් හොරැහින් හිනැහිලා....
    සලා යනවද මතකයේ ඒ පෙම් පැතුම් පොඩි කළඹලා....

    පහන් එළියක් නොමැති මගෙ ලොව අඳුරු විජිතයේ සඟවලා....
    අඳුරු කල හැටි මතකයේ ඇත එදා ඔහු ළඟ සැඟවිලා....
    නුබේ සුවඳට ආදරෙයි තව ගියත් හැරදා හඬවලා....
    තාම මතකයි දුර ගියා නුබ අදත් ඒ හා තනිවෙලා.....

    ගලන ගඟ සේ ඉවුරේ හැපී හැපී රිදවලා හද නැති කළා...
    ඉබේ ඇති වුන පෙණ බිඳක් සේ නුබ ගියා මා රවටලා....
    කෙසේ කිවත් හිනැහුනා නුබ ගියා මම දැක නෙතුසලා....
    නුබ ඇවිත් දුර ගියත් පෙර සේ ලං උනා කඳුලම වෙලා.....

    අහස් දිය බිම තෙමා බොර දිය ඇති කළා විල කළඹලා.....
    නුබ ගියත් මා සිතු නියා ඇත නුබ නමට පෙම ලියවිලා.....
    අහසේ සරනා ලිහිණියෙක් සේ නුබ සොයා වැහි හල හලා....
    අදත් හඬනවා නුබ සොයා මම හීන කළුවර මගෙ වෙලා....

    Bora Diyaka Induwara

    ReplyDelete
  7. ගිය දේවල් වලට යන්න දීපන් බන් නංගියේ . .

    මුලින් කියෙව්වේ බෙන් ටෙනිසන්ගේ කවි ටික . . පස්සේ තමයි මේ ක කියවන්න ආවෙ . .

    උඹත් ලස්සනට ලියලා තියේ නංගී . . ඇත්තෙන්ම ලස්සනයි . .

    ReplyDelete
    Replies
    1. :D හු.. හු... මෙයා මෙහෙත් ඇවිත් මයේ සොර්ට් කට් එකෙන්..

      Delete
  8. ලස්සන කවි ටික නංගෝ. බෙන් ටෙනිසන් තමයි පාර කිවුවෙ. දැන් ඉතින් නිතරම ගොඩවෙලා යන්න එන්න ඕනෙ. රසවත් බ්ලොග් එකක්!!

    ReplyDelete
  9. එල කවි ටික...

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?