Tuesday, January 29, 2013

තටු සිදුන සමනලියකගේ කතාව



මේ කතන්දරය මම පටන් ගන්නේ කොහෙන්ද...
තාම හිතාගන්නත් බැ......

හරි
තැනක් ලැබුනා
මුලින්ම මම මම ගැන කියලා ඉන්නම්

මම
දරුවන් තුන්දෙනෙක් ගෙන යුත් පවුලක මද්දුමයාය..මම හරිම අමාරුවෙන් ජිවිතය ගෙටගහාගෙන ජිවිතය දකින්න අත්තසහා කරපු ද්‍රරිද්‍රතාවයෙ ඉහලම අත්තක ජිවිතය ගෙවන පවුලක දෙවැනි දුවයි...
මට මතක විදියට මගේ අප්පච්චි නැතිවුනේ මම ස්කොලේ හතරේ පන්තියෙදි...මට වැඩැමහල් අයියෙක් ඉන්නවා
අප්පච්චි නැතිවුන දා ඉඳන්ම මගේ අප්පච්චි වුනේ මගේ අයියා අපේ පවුලේ බර කරට ගත්තේ අපේ අයියා
ඉතින් මම සැබැවින් පිය සෙනෙහස වින්දෙනැති දුවනියක් විදියට මගේ දෙවැනි පියානන්ට හරිම ආදරෙයි...
මගේ ලොකයේ එකම විරයා වුනේ මගේ අයියායි

අම්මා....හම්...
අම්මා තාමත් ජිවතුන් අතර ඉන්නවා නම් තමයි ඒත් ඒ මරණයත් සමඟින් යාළුවොල එයාගේ ජිවිතෙත් කවදා කොතැන කොහෙමද කියලා කියන්නම් මම දන්නේ නැ.....ඉතින් පවුලේ දෙවැනියා හැටියත් පවුලේ එකම ගැනුදරුවා හැටියටත් මට තිබ්බ වඟකිම් නම් එමටයි
මට බාල එක මල්ලියෙක් ඉන්නවා..එයා මට වඩා අවුරුදු 4ක් බාලයි...ජිවිතේ ගෙවෙන්න ඔනේ හොඳම වයසෙදි මම මගේ මල්ලිට අම්මෙක් වුනා..එ ලෙඩ ඇදේ ඉඳන් මරණයක් එක්ක ගනුදෙනු කරන මගේම අම්මාගේ හිතට තවත් බරක දෙන්න බැරිකම නිසාමත්ම

ඉතින් අපේ පවුලේ බර කරටගත්තේ අපේ අයියා එයාගේ ඉගෙනිමට තිත තිබ්බේ මල්ලිගෙත් මගෙත් අධායපනයට හරි තැනක් දෙන්න ඔනේ නිසා...එයා විභාග පාස්කලේ නැ එත් අයියා නංඟිටයි මල්ලිටයි ඉගැන්නුවේ හරිම සතුටකින්මම හොඳටම දන්නවා මගේ අයියේ අපි විභාගයක් පාස් වෙනකොට වසරකින් තවත් ඉහලට යනකොට හිතට හොරා නුඹ ඇස් ඇත්ලේ කඳුළු හන්ගන් හිනාවුන විත්තිය....
ඉතින් ඔහොම කාලයක් ගවෙනකොට මම සාමානය පෙලත් ලිව්වා...ගමේ පාසලේ ඉගෙනගෙන විභාගෙට වාඩි වුන ළමයි 74 දෙනාගෙන් පාසලේ ඉහලම ලකුණු ගත්තේ මම....
මගේ ප්‍රතිපල හොඳ නිසාම මගේ අයියාට ඔනේ වුනෙත් මාව හොඳ ස්කොලෙකට දාලා හොඳින් උගන්නන්...එ දවස් වලටත් වුවමනාව තිබ්බේ හොඳට ඉගෙන ගෙන අපේ පවුල වැටිලා තියන වලෙන් නැගිට්ටවන්න
ඇත්තම කියනවානම් මාත් මගේ අයියාත් නැගිටින්න පුළුවන් එකම විදිය හැටියට දැක්කේ ඔකම විතරයි

ඉතින් මම තරණයක් ගත්තා මගේ අයියා මාව කොළඹ ලොකු ස්කොලෙකට ඇතුලත් කලා...කුලි වැඩ කරලා අතේ කරගැට එනකම්ම මහන්සිවෙලා වැඩ කරපු මගේ අයියාගේ දහඩිය මහන්සියට මිලත් දෙන්න මාත් හොඳනි ඉගෙන ගත්තා

ටිකෙක් ටික මම කොළඹ ජිවිතයට හුරු වුනා
අවුරුදු දෙකක්ම කොළඹ ජිවත් වෙලා උසස් පෙලටත් හොඳින් මුණු දුන්නේ වැටිලා ඉන්න වලෙන් නැගිටින්න
ඉතින් මම උසස් පෙල ලිව්වා
මට කැමපස් යන්න ලකුණු 4යි අඩුවුනේ....මගේ අයියා අයෙමත් විභගයට වාඩි වෙන්න කියුවත් මොන හිතකින්ද දෙයියනේ අයියගේ සල්ලි මම ආපහු නාස්සති කරන්නේ මටත් තව මල්ලි කෙනෙක් ඉන්නවා...
අයියාටත් අයියාගෙයි කියලා ජිවිතයක් තියනවා
ඉතින් දෙවතාවක් හිතන්නේ නැතිව මම රස්සවාක් කරන්න හිතුවා..අයියානම් තදින්ම විරුද්යි
එත් කරන්න දෙයක් නැ අයියාට කරුණු කාරණා පැහැදිලි කරලා වැඩක් නැ
එකනිසාම මම තනි තරණයක් ගත්තා...
රස්සවාල් හුඟකට ඇප්ලයි කලා අන්තිම මට පොඩි කම්පැනි එකකට ඔෆිස් එකේ ක්ලාක් කෙනෙක් විදියට රස්සව ලැබුනාපොඩි රස්සවාක් වුනත් මම හිත සතුටින් භාර ගත්තේ පවුලේ බර තව දුරටත් අයියාට දෙන්න බැරිම නිසයි...
ඉතින් ඔහෙම ඉන්නකොට මට ඔෆිස් එකෙදිම සුරංගව හම්බවුනේ
එයාත් අපේ කම්පැනියේම වැඩ කරන කෙනෙක්
ඉතින්...කාලයක් යනකොට අපේ හිතවත් කම් ආදරයක් බවට පත්වුනා...
මට නොදැනිම මම මගේ පුවුලට ද්‍රොහිවෙනවාදො වගේ හිගිමක්...අනේ මන්දා කියන්න තෙරෙන්නේ නැ
එත් මටම මගෙ වෙනස තෙරුනා ඉස්සර තරම් ගෙදර ගැන කැපකිරිමක් වත් හොයාබලන්ට වත් මට දැන් වුවමනාවක් නැ....මගේ ලෝකෝ විරයා වෙලා හිටිය මගේ අයියාටත් වඩා උඩින් තැනකට සුරංග ඇවිත් මටත් නොදැනිම...
අනේ මන්දා ඔහොම කලායක් ගතවුනා
අපිට තිබ්බ අවිවේකි කම නිසාමත් අපි දෙන්නට නිතර හම්බවෙන්න වෙලාවක් තිබ්බේ නැ
ඔෆිස් එකෙදි හම්බවුනත් අපිද ආදරය කරන්න වෙලාවක් නැ එනිසාම ඉඩක් ලැබුන හැමවේලෙකම සුරංග මම නැවතිලා හිටිය බෝඩිමට ආවා
රස්සාවට ඇවිත් අවුරුද්දකුත් සම්පුරණ වෙච්චි සුරංගව හම්බවෙලා මාස 6කුත් වෙච්චි..මගේ ජිවිතේ විරයා වෙලා හිටිය මගේ අයියාටත් වඩා උතුම් තැනක් දුන්න සුරංග

මගේ සුරංග ..... එක මුසල දවසක අනේ එ උතුම් මිනිහාගේ අතින් මගේ ජිවිතේ විනාස වෙන්නේ  මම හිතන්නෙවත් නැති තරමින්.......එත් සුරංග මාව අමතක කලේ නැ මගේ ලඟින් හිටියා
මටත් නොදැනිම මගේ කුස ට මාස 3කුත් පිරුනා
මම ඔය වගක් සුරංගට දැනුම් දුන්නාම මට සුරංගගේ වෙනස දරා ගන්න බැරිවු එයා වෙනස් වුනේ මගේ ඇස්පනා පිටමයි...ඉතින් මම කාටකියන්නද
මම මට හය හතර නොතෙරෙන කාලයේ ඉඳන් ජිවිතේ දිනන්න උදව්කරපු මගේ රත්තරං අයියාට ද්‍රොහි වුනා ලෙඩ ගානේ හිටියත් මගේ අම්මාට ද්‍රොහි වුනා මගේම මල්ලිටද්‍රොහි වුනා
මම දැන් මුණ දෙන්නේ කොහොමද
ගමේ එක එක කතන්ද පැතිරෙයි 
කොළඹ ජිවිතේකට පුරුදුවනත් මට හිටියේ මම විතරයි
මගේ දුක කියන්න අහන්න හිටියේ සුරංග විතරයි
එත් අද සුරංගත් මගෙත් එක්ක නැ...හැමදේම වැරදුනාමයි දන්නේ සුරංග කියන්නේ කසාඳ බැඳලා ළමයෙකුත් ඉන්න කෙනෙක් කියලා...
ඉතින් මම මොකද කරන්නේ
මම කොහොමද මිනිස්සුන්ට මුහුන දෙන්නේ
ගමට මුණදෙන්නේ දෙවියෙක් වගේ හිටිය මගේ අයියාට මුණදෙන්නේ

කරන්න කිසිම දෙයක් නැ
දැන් තටු සිදිගිය සමනළියක් මම
කුස ගැබ්බර වෙච්ච

අයියේ
මට ඔයාගේ නමට කැලලක් ඇතිවෙන්න දෙන්න බැ එත් මම කලේ මටවත් සමාවක් දෙන්න පුළුවන් වරදක් නොවෙයි..අප්පෙක් නැති දරුවෙක් ජාතක කරනවාට සමාජය මට වෛර කරාවි
මගේ මැරණු තාත්තාගේ රුපේ මට මතක නැ මට අයියා වගේම තාත්තාතත් මම කොහොමද නමට කැලලක් දෙන්නේ
දැන් වෙන්න ඔනේ හැමදේම වෙලා ඉවරයි කරන්න කිසිම දෙයක් නැ

තටු සිදුන සමනලිය මම
මගේම අතින් මගේම ජිවිතයට තොන්ඩුව දාගත්ත

ඉතින් සතුටු සිතින් මම මරණය තුරුළු කරගන්නවා
සුරංග ඔයාටත් මගෙන් කරදරයක් නැ
අයියේ මට ඔය රත්තරන් නමට කැලලක් දෙන්න බැ මට සමාවෙන්න


නිමි

21 comments:

  1. කතාවනම් ඉස්තරම් නගා නියමයි පොඩි කතාවෙන් ලොකු පනිවිඩයක් ජිවීතය කියන්නේ මේකට ඒත් සමහර වෑරදුනු තෑන් හදන්න කාටවත් බෑ හෑගීම් වලට වඩා බුද්දියෙන් හිතුවානම් අයියා වගේම ඔය තොන්ඩුවට පෙම් බදින්න හදන දෑරිවියත් සතුටින් ඉන්න තිබුනා.මිනිස්සු සියදිවි නසාගන්න කලින් ඔවුන්ගේ ප්‍රශ්න අදුරගන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද?...නමුත් වෙන්නේ අනිත් පෑත්ත.මම ඔබගේ කවි රසිකයෙක් සමහර කවි මම එකතු කරලාත් තිබ්බා,දිගටම ලියන්න ශක්තිය ලෑබේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතයි අනුප්‍රිය පලවෙනි කතාව කවියෙන් ඔබ්බට ගියපු
      බලමු දිගටම ලියමු
      ස්තුතියි

      Delete
    2. මගේ නම අනුපිය

      Delete
  2. හ්ම්ම්..කුලුදුල් කටාවම ඛේදාන්තයක්.......
    මොනවා උනත් හරිම හැඟීම්බරයි...

    ReplyDelete
  3. මම කැමති මේ කතාවට.....................

    ReplyDelete
  4. නැගලා යයි වගේ!!! බලමු බලමු :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. කතාව ලස්සනයි.... හැබැයි දුක හිතෙන අවසානයක්......

    ReplyDelete
  6. දැන් එතොකොට අයියා ගමට මුණ දෙන්නේ කොහොමද ?

    කතාව එල ...

    ReplyDelete
    Replies
    1. ෂැ අයියා ගැන හිතන්න අමතක වුනා
      ඊළඟ පාර එවාත් හිතලම ලියන්නම්

      Delete
  7. ශෝකාන්තයක්..! කතාව ලියල තියන විදිහ හොඳයි. අවසාන තීරණය වෙනස් වුනා නම් හොඳයි කියල මට හිතුනා. ඒත් ඉතින් ඒ මට හිතෙන හැටි නේ. :)

    ReplyDelete
    Replies
    1. හරි මේ ලගවෙනි එකනේ
      ඉස්සරහට බලමු

      Delete
  8. ම්ම්ම්... පලවෙනි කතාව වුනත් , මටනම් අඩුවක් පේන්නෙ නෑ.. ඇත්තටම අක්කි ලස්සනයි.. අක්කිගෙ ශෛලිය අනුව, අපූරුවට ලියලා... ඒත්, අවසානය දුකක් ඉතින්... මොනාකරන්නද, හැමකතාවක්ම සතුටෙන් ඉවර වෙන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම හැමකතාවක්ම සතුටින් ඉවර වෙන්නේ නැනේ නංඟිනේද

      Delete
  9. mmmmmmmmmm

    පුංචි ප්‍රශ්ණයක්

    අයිය ඔයාට උගන්වන්න පවුලෙ අනිත් අයව ජීවත් කරවන්න ඔයතරම් කැපකිරීම් කලානම්. කුසට ළමයෙක් ආව කියල තමුන් වෙනුවෙන් කරපු ඒ සියළු කැපකිරීම් සියල්ලම අමතක කරල ඒ මහන්සිය සම්පූර්ණයෙන්ම ගඟට කපපු ඉණි බවට පත් කරල ජීවිතයෙන් සමුගැනීම ඒ අයියට සාධාරණය ඉෂ්ඨ කිරීමක්ද?

    ReplyDelete
  10. මේ කතාව හොඳයි නංගි.. සුපුරුදු පරිදි යතුරු ලියන දොස් නං.. එමටයි..

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?