Monday, January 28, 2013

මම මාරම ආසයි ලු ඈ


සැන්ඩි නැති
කලවම් නොරපු
විස්කි විදුරුවකට
පිවිතරු ආදරේ
මත් වියරුවෙන්
එකතුවෙන් මත්වුන
නුඹේ
එකම එක
හුස්ම රැල්ලක්
එකට එකතු කරලා
එක හුස්මට
ඇස් පියාගෙන
බිගෙන බිගෙන යන්න.....

මගේ ලේවලට මුසු වුන
නුඹෙත් මගෙත් ප්‍රේමයේ
එක රධිර ධාරාවක් අරන්
අයිස් කැට වැඩියෙන් දාපු
විස්කි විදුරුවක් එක්ක
එක හුස්මට
බිගෙන බිගෙන
යන්න

නුඹේ පණ පොඳක් රැඳුණු
සිගරට් කොටයක්
උරමින්....
ආදරේ මත් රුධිරය
එකතු කරපු
විස්කි විඳුරුව බොන ගමන්
නුඹේ ආදරේ සුවය
දුම් රැල්ලකට අරගෙන
එක හුස්මට පිටකරදාන්න....

මම
මාරම ආසයි ලු ඈ

14 comments:

  1. පෙන ඉහිරුණු විස්කි වීදුරුවක
    සුදු නිකටින් දුම් වලල්ලක
    දුටුවෙමි ආදරය
    විරහවට යට කල

    ලස්සනයි

    ReplyDelete
  2. මට නම් ඔකේ පෙනුනේ මෙව්වා ටිකයි :D

    ReplyDelete
    Replies
    1. කියවලාම වෙර වෙන්ටැ එකයි මයේ හිතේ

      Delete
  3. වෙරි වුන ආදරයක්..

    ReplyDelete
  4. බුකියෙත් දැක්කානෙ මේක.. මම හෙන ආසයි මේ සිතුවිල්ලට.. :)

    ReplyDelete
  5. පංකාදු සිතුවිල්ලක් එදා ඔබව දැක හදුනා ගැන්ම හිතට හරි සතුටක්....

    ReplyDelete
    Replies
    1. මටත් හුඟක් සාතුටුයි මාමේ :)

      Delete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?