Friday, January 11, 2013

ඉක්මන් සනිප වෙන්න අම්මේ...........


කඳුලු ඇවිත් දෙනෙත් තෙමමින්
හදේ ගැඹුරුම තැනට රහසින්
නුඹෙන් වැටෙනා කඳුලු දකිමින්
හිතින් සරදම් විදිමි රහසින් 
පාරවයි මගේ හිතම නෙතඟින්
නුඹේ කඳුලැලි මගේ හිතඟින්
වැටෙන බිඳු බිඳු සිසිල සමඟින්
මමත් විදවමි නුඹත් සමඟින්

තවත් රිදවුම් දවයි හදකින්
නුඹේ කඳුලැලි වැටෙන සැනෙකින්
උහුල ගන්නට නොහැකි හිතකින්
පතමි සුව මම නුඹට යෙහෙකින්


5 comments:


  1. මමත් ප්‍රර්ථනා කරනවා ඉක්මනින් සුව වෙන්න කියල :)

    ReplyDelete
  2. නෙතින් වැගිරෙන කඳුලු අතරින්
    නුඹ ලියා ඇති කවි පද වැලෙන්
    වැටේ රූරා කඳුළු රහසින්
    කියූ දන මනගේ නෙතඟින්

    පතමි සුව වෙන්න කියා ඉක්මනින්!

    ReplyDelete
  3. ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
  4. එක සිතින් ප්‍රර්ථනා කරනවා අම්මට ඉක්මනින් සුව වෙන්න කියලා.

    ReplyDelete
  5. ඇයට ඉක්මනින් සුවය ලැබෙන්න කියා පතනවා..!

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?