Tuesday, December 4, 2012

මට නොදැම මම මගේම වෙනවා

කවි හිත ගොළු වි
හැඟුමන් හිර වි
නලියන හිත ලඟ
මම තව හිරවි
ලියන කියන කවි
තව තව රිදවා
මගේ හිත පොඩි කර
කඳුළුගනිනවා
දුක කියනා හිත
තනිව හඩනවා

අසන දකින හිත
හොරැහින් හිනැහි
මට නොදැනිම
පෙම් හින මනවා
මගේ හිත රහසෙම
හින දකිනවා
ගොළු වුන කවිහිත
ආල වඩනවා
මට නොදැම
මම මගේම වෙනවා

No comments:

Post a Comment

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?