Thursday, December 20, 2012

මේ ගැන අන්කිසිවෙකු නැ දන්නේ වෙන දිගෙක ගිය නුඹට වඩා


ජිවිතේ හුඟක් බලාපොරොත්තු පොදිබැදන්
හුඟක් හින හිතේ කොනක රඳවන්
මම නුඹ ලඟට ඇවිදින්...
නුඹ මගේ ලඟට ඇවිදින්
ඇත්තම කියුවොත් ඇවිදින් නෙමෙයි
දෙමාපියන්නේ ඉල්ලිම මත මම නුඹේ ලඟට එන්න උත්සාහ කරමින්
අනාගතේ ගැන
හින හුඟක් මැව්වේ
අනාගතේ ගැන බලාපොරොත්තු හුඟක් පොදි බැදන්දේ
ඔය උණුහුම යට හිදන්
මම මගේම වෙච්ච ...මම අපේම වෙච්ච
හින අනාගතයක් හිතේ කොනක රදවගෙන
එ හිනේ ඉටුවෙන්න මම නුඹ ඇඟිලි ගැන්නේ හරිම නොයිවසිල්ලෙන්
මම හිනාවුනා
ඇත්තමයි
මොකද මම සතුටුන් ඔය හිත වෙත එන්න පාර කපා ගත්තේ
අපි අපේම පැතුමු ඉටුවෙන අපෙම දිනය උදාවෙනකම් ඇඟිලි ගැන්නේ හරිම ආසාවෙන්
ටිකෙන් ටික හරි ලස්සනට අපි අපේ ලෝකය මැව්වා
අනාගාතේ මැව්වා
රන් මාලා මංඟල තැලි මංඟල මුදු
රන් සේල
රන් අස්සයො
රන් පොරුව
අපේ හිනේ ලස්සනට සැරසුවා
දිනෙන් දින ඒ ඉටුවෙන හිනවෙත මම ඇස් අරන් බලන් හිටිය
මගේ හින ලොකේ හින මනමාලි වෙලා ඔයාගේ කුල ගෙදරට එන්න

එත් නොසිතු දිනයක නොසිතු වෙලාවක
හිතුවෙවත් නැති විදියට අකුනක් කඩන් වැටුනා වගේ
මගේ හිනයම බිදලා ඔයා ඇතට ගියේ....
මට උහුලගන්නත් බැරි තරමින් දුකක් හිත ඇතුලෙන් ඉතිරි කරලා
මම ඇඩුවා තනියම කදුළු සැලුවා
අතිතයක රැදවිච්ච පාළු මතකයන් ගොන්නක් සුසානයකට දාලා ගිනි වැදලා
මම මගේ ඒ අමිහිරි අතිතය පිච්චුව
මේ දැන් මම හිත හදා ගත්තා විතරයි
එත්
අද නුඹේ සුභ දිනය උදා වෙලා
ඇගේ අත ගන්න සුභ දියන උදාවෙලා
කමක් නැ
නුඹ සතුටින්
මම දුකින්
නුඹේ සතුට බලලා මම සතුටින්
අද ඇගේ ගෙල සැරසෙන්නේ මම ආසාවෙන් සකසපු රන් මාලයෙන්
ඇගේ අතේ පාළු මකන්නේ මම ආසාවෙන් සකසපු රන් මුදුවෙන්
මම මවපු ඒ රන් හින
අද ඇගේ ලොකයේ ඉටුවෙනවා

ඉතින් මම සුභ පතන්නම්
නූඹට නුඹදෙපලට වසානවාසන්ත යුග දිවියක්












මම සැකසු මංඟල මාලය
මගේ ගෙලෙහි රඟ දෙන්නු නෙහැකිව
මම සැකසු ඒ රන් මුදුවම
මගේ අතැගිලි වල හිනැහෙනු නොහැකිව

පෙරදා නුඹ මන්
හිටියා වාගේ
පෙරදා නුඹ මං
දුටු හිනය වාගේ
 

අද සුභ පල ගැන් වි ඇත ඇය හා නුඹගේ
ඒ සුභ දිනය උදා විලා
මම සුකසු රන් මුදුවම
අද ඇගේ අතැඟිලි සරසාලා
මම සැකසු මංගල මාලය
ඇගේ ගෙල සරසාලා-

--------------------------------------------------------කළුවර හිනය

20 comments:

  1. ලස්සන අදහසක්....අපි හැමෝම හිතේ ලොකු බලාපොරොත්තු වලින් දුක් විඳින අය.. :/

    ReplyDelete
    Replies
    1. හම් හමුවිම් වෙන්විම් හිමිවිම් අහිමි විම් ලැබිම් නොලැබිම් ජිවිතය ජිවත් කරවනවා

      Delete
  2. ලස්සනයි වස්තු.....ඇත්තටම ලස්සනයි මේකනම්....හිතට වැදුනා....ඔව් ඇත්තටම
    දැනුනා ඒක...........

    ReplyDelete
    Replies
    1. මටත් මගේ හිතට නොදැනිම නතර වුන තැනක්

      Delete
  3. මම ආස ඒ වගේම හිතින් විතරක් වින්ද මාතෘකාවක්.
    ……මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  4. ගොඩක් වෙලාවට ජිවිතේ ලැබීම් වලට වඩා නොලැබීම ලගයි......

    ReplyDelete
    Replies
    1. හමුවිම් වෙන්විම් හිමිවිම් අහිමි විම් ලැබිම් නොලැබිම් ජිවිතය ජිවත් කරවනවා

      Delete
  5. හැමෝගෙම ජීවිත වල මේ වගේ කතා තියෙනව. ඒත් හන්ගගෙන.

    ReplyDelete
    Replies
    1. ඇත්ත පෙනෙන පිටතට වඩා නොලෙනෙන ඇතුලන්තය හුඟක් දුක්බරයි අපි කාගෙත්

      Delete
  6. හ්ම්ම.. ආදරය වෙනුවෙන් දකින්න අකමැති නපුරුම හීනය.. :(

    ReplyDelete
  7. ලස්සනයි අක්කියෝ....දිගටම ලියන්න...දිගටම එනවා කියවන්න....

    ..............මම උමා(දසුන්).............

    ReplyDelete
  8. හින නටබුන් තවමත් හිත රිදවනවා,,,නින්ද එන් එපා මගේ දෑසට,,,තවමත් එ දූටු හින විදවනවා,,,,,

    ReplyDelete
    Replies
    1. හීන දිකන්න බයයි මල්ලි මම

      Delete
  9. හ්ම්ම්.. මට දැනෙන විදිය ඔයාට දැනෙනවා ඇති කියලා මම දන්නවා මම මේ ගැන මුකුත්ම නොකිව්වත්...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් මම දන්නවා සුදු

      Delete
  10. Heena kiyanne godak bayanaka deyak

    ReplyDelete
  11. අමතක කරලා වළලලා තිබ්බ මතකයන් කදුළු බින්දුවක් එක්ක ආයෙම ජිවත් වෙන්න ගත්ත මේක දැකල

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?