Tuesday, December 4, 2012

දිවිය පතමි

කඳුළු වලින් සැඟවි ගිය සිතිවිලි අසලම
මම අසරණ හිතින් හඩමි දුක අඩු වෙන්නම
යදම් ලැබුන ජිවිතයක් තවත් සොයා මම
දිවිය තුලින් දිවිය සොයමි පැරුණු හිත ගෙන

සිනහ ඇවිත් මට ඉඟි දෙයි යලි නොහඩන්නම

කඳුළු වලට සරදම් දෙමි හිතක් දකින්නම
අසරණ වු හැඟුමන් ලඟ යලි නොහැරෙන්නම
ජිවිතයක් පතමි මෙමා නුඹ නොපෙනෙන්නම

ආදරයේ මිරිඟුව ලඟ හිත නොසලමි මම
කඳුළු වලට ඇරයුම් නැ ඇවිත් යන්න තව
මිරිඟුව දුටු කතරක් ලඟපැන් නොසොයනෙමි අද
සිනහව ගෙන අලුත් ලොවට යන්නම් හනිකට
----------------------------------------------------------සෂි-

No comments:

Post a Comment

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?