Saturday, October 6, 2012

මම මගෙමයි නුඹ නුඹේමයි අපි අපේ නොවෙනදා




හිනාවන්නම් මම  - නුඹේ නිල් නෙතු දිහා බලන්
නොහඩා ඉන්නම් - නුඹේ හසරැල් ලඟක තියන්
සෙනෙහෙ පතන්නම් - නුඹේ සිතුවම් ලඟින් ඉදන්
දිවි ගෙවන්නම් - නුඹේ වන්නට හැමදාම ඉතින්

හිත් රිදුම් සෝතැවුල් - දවයි මසිතම දැන්
නුඹ දුරයි සිත හඩයි - කඳුළු නැහැනේ දැන්
මගේ සුසුම් මා දවයි - නුඹ ලඟින් නැති නම්
තැවෙනු ඇයි රිදෙනු ඇයි -නුඹ මගෙමයි නම්

අපිට හිමි නැති පොලොතලයේ මසිත හඩවා
දුර ගියා නුඹ ඉණු කඳුලින් මගේ හිත දොවලා
හඩනු කෙලෙසද මගේ කඳුලැලි වියැකුනු දා
මම මගෙමයි - නුඹ නුඹේමයි අපි අපේ නොවෙනදා

10 comments:

  1. විරහව මෙච්චරටම .. :-(

    ReplyDelete
    Replies
    1. විරහවත් හරිම ලස්සනයි මල්ලි මේ පුංචි උත්සාහයක්

      Delete
  2. ම්ම් හරිම දුකයි. හැබැයි ලස්සනයි.

    ReplyDelete
  3. ඇයි විරහව... :(

    ReplyDelete
    Replies
    1. නිකමට ලිව්වා.....ආදරයට වඩා මට විරහවයි ලස්සනට ලියන්න පුළුවන් කාලෙකින්ලියන්න බැරිවුන නිසයි ලිව්වේ

      Delete
  4. යේ,...........දැන් අකුරු ටික හරි :)
    ලස්සනයි..
    වෙනද වගේම :)
    ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ඔව් හිරු ඔයා කියලා දිපු නිසා හොඳයි හුඟක් ස්තුතියි ඔයාට..
      කමෙන්ට් එකටත් ස්තුතියි හිරු

      Delete
  5. lassanai........
    oya hari......numba numbemai..mama magemai hemadama !!! :'(

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?