Friday, October 26, 2012

රටා මවන ඔය රතැගිලිවලට පෙම් කරමි මම

දිගු සුසිනිදු සියුම් රතැගිලි අතර
සිතුම් මවනවා නුඹ නුඹට රහසේම
හද ගැහෙන ඒ සුපෙම් රූපේම
සියුම් හිතක් ඇත නුඹත් නොදකින

පාට මුසුවුන සියුම් කොලයක

කොල රූ මවන පින්සල් දිගට
රැලි රැලි සියුම් රුපෙන් එපිට
ලොවක් අඳිනවා නුඹ නුඹට රහසේම

රටා මවන ඔය රතැගිලි වලට

රුප අඳින ඔය සියුමැලි අතට
ලෝභ නෙවෙයි මම තාමත් මටම
අහිමි හිතක් ඇතිදෝ ඔය හිත ලඟ

සිතින් හිනැහි පෙම් කරමි තව මම

ලඟින් සැනසි හිදින්නට බැරි කල
නුඹෙන් මැවෙනා සියුම් රුපෙට
හිතින් පෙම් කරනවා මම මටත් රහසේම
 
_________________________.

13 comments:

  1. කවි කමට නම් ‍ඔබ හරිම හපන්. මේකත් හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හුඟක් ස්තුතියි අත්දැකිම් තමයි මාව කවියෙක් කලේ එත් තාම මම ඉන්නේ හුඟක් පහළම අවදියේ දියුණු කරගන්න තව හුඟක් තියනවා

      Delete
  2. ලස්සන සිතුවිල්ලක්. හැබැයි අන්තර්ගතයට මම ගොඩක්ම කැමති.

    ReplyDelete
  3. නුඹෙන් මැවෙනා සියුම් රුපෙට
    හිතින් පෙම් කරනවා මම මටත් රහසේම
    man asama pada peli 2ka
    (kanchana kodithuwakku)

    ReplyDelete
    Replies
    1. මමත් පෙම් කරනවා ඒ සියුම් රුපේටම

      Delete
  4. රටා ඇදි දෑගිලි අතර
    මැවන්න හිතයි සිතුවමක්ව
    සිතින් පෙම් බැද දුරක හිද
    පැතුමක් අදිනවා මම සිතුවමක..

    අපුරු කවි පෙලක්.. ලස්සනයි..

    ReplyDelete
  5. mmm ලස්සනයි අක්කො..

    ReplyDelete
  6. ලස්සන කවිය සහෝ....

    ReplyDelete
  7. සිත්තරා......
    _________

    සිත්තරෙක් මං...
    සොභා සිතුවම්.. මිනිස් සිතුවම්...
    පණ ගැහෙන සේ අඳින....
    .
    .
    නමුදු.......
    අවුරුදු ගණනක් ගතවීත්....
    .
    .
    නිමා කරනට ඔන්න මෙන්න තිබියදී....
    වෙනස් වන ඔබේ රුව.. ගුණ .. පැහැය.. ඉරියව්...
    නිසා.....
    තවමත්..
    එකම සිතුවම මක මකා අඳින....!!!

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?