Friday, June 14, 2013

මඟබලා හිදිමි නුඹ එනතුරා

වළාකුළු මල් පෙති වලින්
වසා නෙතු නිල් නුවන්
මඟබලා හිදිමි මම
නුඹේ රුව එනතුරා

කඳුළු මල්  කලතා හිතින්
මතක පැන්දිය ගෙන‘තින්
දොවා සිත් මඩල මම
ඉකිගසමි හද පාරවා

හද අසිනි වැසි ඇද වැටි
සඳ දියට දුක හාදු දි
පෙම් නදිය දොගාඩම ගලයි
තුන් සිතම අද ඉරිතලා

Monday, June 10, 2013

හද සොයන නුඹේ රුව

පබළු වැහි බිඳු ඇද වැටි
මගේ සියොලඟ රැඳි රැඳි
නුඹේ සෙනෙහස පතන විට මම
සිනහා හසරැල් මුව‘ගෙහි රැඳි

සුවඳ මල් කැකුලක් සැලි
මගේ හිත ලඟ පිපි පිපි
නුඹේ සුවඳක් සොයන විට හද
හැඟුම් සිහිනෙක සැරසෙති
 

ලියු කවි සිත කලතමි
මතක හැඟුමන් මැවි මැවි
නුඹේ සෙනෙහස් ගඟුල ලඟ මම
ඇවිත් පෙම් සිත සොයනෙමි