Wednesday, February 6, 2013

එක මොහොතක් නෙත් පියාගන්න

 
 
එක මොහොතක් නෙත් පියාගන්න
කළුවර රෑ එලිකරන්න
මම දකිනා හිනයේ හැඩ
නුඹ ලඟිම ගෙන තියන්න
එක මොහොතක් නෙත් පියාගන්න
හිනයේ සිතුවම් අඳින්න

 
තව මොහොතක් නෙතු වසාගන්න
හිනය සුන්දරදැයි බලන්න
මම බලනා හිනයේ හැඩ
පාට පාට තවර ගන්න
එක මොහොතක් නෙත් පියාගන්න
හිනයේ සිතුවම් අඳින්න

 
එක වරුවක් නෙතු පියාගන්න
සිතුවම් හැඩ තවරගන්න
මම පතනා හිනයේ සුව
නුඹේ අසලින් ගෙන තියන්න
එක මොහොතක් නෙත් පියාගන්න
හීනයේ සිතුවම් අඳින්න

ජිවිතයෙම සුවවිඳින්න....

Tuesday, February 5, 2013

(ද) Style එක


අකුරු තුනේ හොටලයෙන්
බුරියානි කන ඔයාට
ඔඩෙල් එකෙ
live & kicking
අඳින ඔයාට
කුරුඳුවත්තේ වගේ
උජාරුවෙන්
ඉන්න ඔයාට
බොරු සොබන
පොෂ්කම ඔළුවට
අරන් ඉන්න ඔයාට......

දැන්

ගමේ අම්මාගේ
අතින් හදන කැම
රසම නෑලු
හන්දියේ පොඩි
ඇඳුම් කඩේ ඇඳුම්
හිතට ෆිට්ම නැතිලු
ගමේ සුවඳ දැන්
අඳුරන්නේම නැලු
.
.
.
.

මටත් දැන් උඹෙ
ඔය බොරු පොෂ් කම
පෙන්නනම බෑලු