Sunday, January 6, 2013

කඳුළු බිඳු ඇයි මේ තරම්....





කඳුළු බිදු මේ තරම්
නපුරු ඇයි නෙත් ලඟින්
වවා ගන්නට නොහැ තරමින්
කඳුළු වැල් ඇඳ වටෙයි හෙමිහින්

සුසුම් වැල් මේ තරම්
නපුරු ඇයි හිත ලඟින්
උහුලගන්නට නොහැකි තරමින්
සුසුම් වැල් දඟලයි හිත යටින්

පෙම් සිතක් මේ තරම්
දුක් විදිනු ඇයි පෙම ලඟින්
උහුලනා දුක් සුසුම් අතරින්
හිතම පරවෙයි පෙම මතින්

Thursday, January 3, 2013

තව තවත් හද ගැහෙනවා.

සුළග තාලෙට ඇවිත් යනකොට
හිතේ කොනකට සිසිල එනවිට
හදේ ගැහෙනා රාවේ නොදැනිම
නුඹේ  නමටම සැලෙනවා...
තව තවත් හද ගැහෙනවා....

 
හිතේ නිලයන හැඟුම් අරගෙන
සුසුම් වැල් එකිනෙකට තබමින
හදේ රැව්දෙන නුමේ නමය
ලඟට විත් දඟ කරනවා
තව තවත් හද ගැහෙනවා

සුවඳ පතුරා පිපෙන කුසුමට
රේණු විහිදා ලෙලෙන සුලඟට
මලේ හැන්ගෙන සුවඳ අරගෙන
බඹරු ඉඟි බිඟි පානවා
තව තවත් හද ගැහෙනවා...

හින අහුරක් අරන් දෝතට
නුඹ ඇවිත් මගේ පාළු අහසට
යන්න දෙන්නම නොහැකි තරමට
මගේ හිත පෙම් බඳනවා
තව තවත් හද ගැහෙනවා
.