Tuesday, December 25, 2012

කඳුළු කවිකම්

හින පෙන්නන හින කතන්දර
ඔනේ නැ මට මගේ නෙත් අගිස්සට
මට පුරුදු මගේ පුරුදු පාළුව
හෑමදා මගේ ලඟ රැදෙනකොට

රැට පිපනො තරු කැකුළු ගෙන
මාල අමුනන්නට ඔනේ නැ මට
රැට තරු පිපි පාළු අහසම
මගේ තනිකම මකයි නම් අද

හිතට දුක විත් පුරුදු පරිදිම
කඳුළු කවිකම් ගොතයි නම් තව
මගෙ හිනෙට කඳුළු නැහැ දැන්
නුඹ මගේ ලඟ‘විත් රැදෙනවිට


Monday, December 24, 2012

මම මියැදෙමි නුඹේ මතක ඉසව්වෙන්




වරදින් නුඹ මා හමුවුනු මේ භවයේ
දුක සුසුමන් හද කොන රැදිලා තිබුනා
නුඹේ අත ගන්නට පින් කෙරු තරමට
වෙන් වෙන්නම් දුක හද ලඟ තනිකරලා

සිතකින් සිතකට දුක උරුමයි දැන්
නෙතකින් නෙතකට කඳුලැලි වැටිලා
හදින් දරාගෙන වෙන්වි යන්නම්
දුක් කඳුලැලි දැන් හද මගේ රිදවාලා

නොසිතා ලතැවි හද හැඟුමන් දැන්
මසිතින් දුරගොස් කඳුලැලි උනලා
තනිකම තනියට නෙතු හඩවයිනම්
මම මියැදෙමි නුඹේ මතකය මකලා