Tuesday, January 15, 2013

අපි අපේ වෙමු පුරුදු පරිදිම...



සෙනෙහසකට අරුතක් පුරවන්නට
ඇතිගිලි බැඳගෙන නුඹත් මමත්
සසර ගමනේ පුරුදු ලෙසටම
ඇවිද ආ දුර .. දුර වැඩි තව

දැගිලි පටලන් ඇවිද යමු අපි
සසර හමුවන තුරම මඟ දිග
හමුවෙනා තෙක් නුඹට - මට
එත් ඒ කවදාද නෙදනිමි මම තව...

නුහුරු මඟකදි පුරුදු ලෙසටම
හමුවනත් නුඹ මම පුරුදු විලසට
අපිට අපේ වි හිදින්නට නම්
ලොකයෙන් නැ ලැබෙනු අවසර

ඉතින් යමු අපි තවත් දුරකට
ලොවෙන් සැඟවි අපේ ලොවකට
තනිවෙනා එක මොහොතකදි වුව
අපි අපේ වෙමු පුරුදු පරිදිම...

Monday, January 14, 2013

අද හවසට මුණ ගැහෙමුද අපි





අද හවසට මුණ ගැහෙමුද අපි
එක මොහොතක් ඔය හිත ලඟ
නවතින්නට ආසයි මං
කතා කරන ඔය ඇස් දෙක
බලන් ඉන්න ආසයි මං

ඇද හවසට මුණ ගැහෙමුද අපි
පුරුදු පාරේ මල් දෙවැටේ
තනියම ඩිංගක් හිදින්න
අපේ ලොකේ නතර වෙන්න
ආසයි මොහොතක් රැදෙන්න
ඔය උනුසුම ලඟ නතර වෙන්න

අද හවසට මුණ ගැහෙමුද අපි
නුඹේ සෙනෙහස් සුව විදින්න
අරලියා මල් ලන්ද දිගේ
නුඹේ අත ගෙන ඇවිදින්නට
ආසයි මම මේ හැන්දැවට
මෙහෙතාක් නුඹ ලඟ රැදෙන්න

අද හවසට මුණ ගැහෙමුද....