Monday, January 14, 2013

අද හවසට මුණ ගැහෙමුද අපි





අද හවසට මුණ ගැහෙමුද අපි
එක මොහොතක් ඔය හිත ලඟ
නවතින්නට ආසයි මං
කතා කරන ඔය ඇස් දෙක
බලන් ඉන්න ආසයි මං

ඇද හවසට මුණ ගැහෙමුද අපි
පුරුදු පාරේ මල් දෙවැටේ
තනියම ඩිංගක් හිදින්න
අපේ ලොකේ නතර වෙන්න
ආසයි මොහොතක් රැදෙන්න
ඔය උනුසුම ලඟ නතර වෙන්න

අද හවසට මුණ ගැහෙමුද අපි
නුඹේ සෙනෙහස් සුව විදින්න
අරලියා මල් ලන්ද දිගේ
නුඹේ අත ගෙන ඇවිදින්නට
ආසයි මම මේ හැන්දැවට
මෙහෙතාක් නුඹ ලඟ රැදෙන්න

අද හවසට මුණ ගැහෙමුද....

Sunday, January 13, 2013

කවිය නුඹ....

කවිය නුඹ........

හිතේ තෙරපෙන හැඟිම් මම කොච්චරක් නම් අකුරු වලට පෙරලන්න ඇතිද...
පිටු ගනන් කොච්චරක් නම් ලියන්න ඇතිද..
හිතට දුකක් සතුටක් පාළුවක් තනිකමක් දැනේන හැම වෙලාවකම මට මගේ ලඟින් හිටියේ කවිය නුඹයි....

අයාලේ ගිය සිතුවිලි..හිතට වද දෙන මගේ ම අකිකරු කවි...මගේ හිතේ තියන හැමදේම හැඟිම් වලට හරවන්න උදව්වවුනා...
ලඟින් කාත් කවුරුවත් නැති වෙලාවට
මට හිර කරන්න ඉන්න බැරි මගේම අකිකරු හැඟිම් අකුරකට පරිවර්තනය කරපුවාම හිතට කොච්චරක් නම් නිදහසක් එනවාද
මම ඒ නිදහස අද උපරිමෙන්ම විදිනවා

ඒ කවි කම මගේ අකිකරු අකුරු වලට ඇකිකරු කවි වලට
මම මටත් වඩා ආදරෙයි....හැමදාමත් මට මගේ ලඟින් හිටියේ නුඹයි
ඒ මගේ කවි කමයි....

------------------------------------------------------------------------------------------------
කවිය නුඹ
මගේ හිත නිවුව තරම්
මගේ හිත රිදවුව තරම්

කවිය නුඹ
මගේ පාළුව මැකුව තරම්
මගේ හද හැඳිනුව තරම්

කවිය නුඹ
මගේ සිත කියවුව තරම්
මගේ ඇස් හිනැහුව තරම්

කවිය නුඹ
මගේ ලඟ නුඹ සිටිය තරම්
මගේ සිත සැනසුව තරම්

කවිය නුඹ
මම නුඹට පෙම් කෙරුව තරම්
මම නුඹේ වුව තරම්

කවිය නුඹ....