Tuesday, December 4, 2012

අසම්මත පෙම


මම නුඹට පෙම් කරමි
හද පතුලෙන්ම පෙම් කරමි
මෙය හැඟිමක්ද
ආසාවක්ද ආදරයක්ද ආකාර්ෂනයක්ද
මම දන්නේ නැ
නමුත් මට නුඹව අවෂයයි. ඇත්තටම අවෂයයි
ඒ කොහොමද මොනවටද කියන්න මම හිතාගෙන නැ..ඒ පිළිබඳ හැඟිමක්වත් මා තුල නැ...
නමුත් මට නුඹව අවෂය කරනේ මොන යම් වෙලාවටද ඒ සැම අවස්ථාවකදිම නුඹ මගේ ලඟින් සිටි....
විටෙක මා හද හොඳින් හඳුනාගත් මිතුරෙකු ලෙසින්
තවත් විටෙක මා හොඳින් ආසා කරන සොදුරු පුද්ගලයෙකු ලෙසින්
තවත් විටෙක ලැබැදි සොහොයුරෙකු ලෙසින් ඇතැම් විටෙත් පෙම්වතෙකු ලෙසින්....
පෙම්වතෙකු ලෙසින්....නන්නාදුනනා පෙම්වතෙකු ලෙසින්
මම නුඹට පෙම් කරමි
සැබවිම්ම පෙම් කරමි
අසම්මත ලොවක් තුල සම්මත යැයි නොහැගෙන රාමුවකට යටත්ව මම නුඹට පෙම් කරමි
ඹය දඟ කරන කැරලි ගැසුනු කොන්ඩයට
මගේ හිත මන්මත් කරවන රන්වන් පැහැති ඔය මුහුණට
ආදරය ගලා ඉතිරි යන යන ඔය සෙනෙහෙබර හිතට
මම ආදරය කරමි
අන්කවරදාකවත් නොහැඟුන අන්දමින් මම නුඹට පෙම්කරමි...
මෙය ඇත්තෙම් ආකාර්ෂනයක්ද නැතහොත් මුලාවක්ද
මම නොදනිමි
නමුත් හද පතුලෙන්ම නැග එන අවංක සිතිවිලිත් සමඟින් දොලනය වන මගේ හද නිරතුරුවම නුඹේ හදවත සොයයි... තව තවත් සොයයි....
හද ගැහෙන රාවයන් මන්මත්ව හද ගැහෙන වේගෙටත් වඩා වැඩියෙන් තව තවත් නුඹේ සිතිවිලි තුල මා කිමිදෙමි....
ඇත්තෙන්ම
මා නුඹේ වි අවසන්ය
මගේ මුළු ආත්මයෙන්ම මම නුඹේ වි අවසන්ය
ආදරය යන නාමයෙන් මම නුඹට පෙම්කරමි
මගේ ආත්මයෙන්ම මම නුඹට පෙම්කරමි
අදත් හෙටත් මතු මතුත්
අසම්මත ලෙවක් තුල සම්මතයැයි මවාගත් රාමුවකට යටත්ව මෙලෙව සරන කිසිදු දිනකදිවත් එකන්නොවන පැතුමන්ද හද රදවා ගනිමින් මම නුඹට පෙම්කරමි
මගේ අවසන් හුස්ම වැටෙන තෙක්ම එකම පැතුමක් හිතේ රඳවාගනිමින් නුඹට පෙම් කරමි
මගේ නොවුනත් මගෙයැයි සිතින් සිහින මවමින් පෙම්කරමි....
...

පවු කාර ආදරයක්.............


ඇවිත් යයි
නැවත එයි
නැවති
යලිත් යයි
නවතිතම එයි
නවතිනවායැයි කියා පොරොන්දු වි ඉදියි
එත් යලිත් පිටව යයි
ආයෙත් යයිද
ආයෙත් එයිද
යන්නම යයිද
නොයන්නම ඉදිද
මට අයිති වෙයිද
මම මගේ වෙයිද
මම නුඹේ වෙයිද
මට මාව අයිති වෙයිද
මට මාව අයිති නොවෙයිද
අපි අපේම වෙයිද
නුඹ විතරක් මගේ වෙයිද
මම විතරක් නුඹේ වෙයිද
නුඹ අනසතු වෙයිද
නැත්තම් නුඹ මගේම විතරක් වෙයිද
කඳුළු එයිද
කඳුළු ගලයිද
නැත්තම් හිනව විතරක් ඉතුරු වෙයිද
මට මාවත් නැතිවෙයිද
මට මගේ ආත්මයම නැතිවෙයිද


හිත ඉකිගසා හඩපු..
කඳුළු ඇවිදින් මටත් රහසේම මගේ නෙතට සරදම් කරපු..
මට මාවත් නැතිවෙන තරමටම මම ආදරය කරපු
කියලා... හිතලා... ලියලා...
 මම මගේම දුක නැති කරගන්න උත්සහ කරපු
දුක් විදපු ගඳ ගහන අතිතයක අතරමං වි මට මාවත් නැතිකරපු
ආදරයක් මගේ ලඟ තිබුනා...
තාමත් තියෙනවා
ඉස්සරහටත් තියෙයි.....

හිතින් හිතලා
නෙතතින් අඩලා කඳුළු ඇවිත් මටම හිනාවෙලා මම මගේම ආත්මය විකුනපු
දුක පිරදු ඇස්වලින් කඳුළු වෙනුවට ලේ ගලපු දුක් වින්ද ආදරයක සාඩම්බර එකම හිමිකාරිය මමයි
ආදරේ වෙනුවෙන් මට මාවත් නැතිවෙච්ච දුකින් පිරුනු අතිතෙක මට මාවත් අමතක කරපු
ඒ පවුකාර ආදරයට තාමත් මම ආදරය කරනවා
අපහු ලැජ්ජ්ජාවක් අහල පහලකවත්නැති ගානට...