Friday, November 2, 2012

නිවනින් අවසන් වෙන ගමනේ

යානොහැකි මඟ තොටක
රැදි උන් පින් සිසිල මට
නොමැති නම් දිවි මඟට
ගෙවනු කෙලෙසද සසර මඟ

රැඳි ආ ගමන් මඟ තුල

සසර දුරු කතර දිග
ගෙවෙයි නම් මගේ දිවිය
බුදු සමිඳුගේ සෙවණ යට

රැඳුනු මෙත් සිසිල ලඟ

අතැති බෝ කොළය තුල
මැවුනු අනියත දම
පසක් විය බුදු සුවඳ යට

ගෙවු දුරු කතර මම

සසර දුක නිවෙන මඟ
තවත් නොපමාව යමි
බැමි ලිහෙන තුරු ගමන

______________________________.

Thursday, November 1, 2012

අරමුණක් නැති හෙටක්......

නමක් නැති කතාවක්
මුලක් නැති ඇරඹුමක්...
තිතක් නැති නිමාවක්
හෙටක් නැති අද දිනක්....

ඇරඹුමක් නැති අවසනක්
හිනයක් නැති ඇස් දෙකක්
පැතුම් නැති පෙම් හිතක්
හැඟුම් ගොළු වුන හදක්

තබන්නට අවසනක්
ලියන්නට හිතයි කවක්
ලැබෙයි නම් ඇරඹුක්
ගොතන්නම් පෙම් සිත්තමක්