බිංදු බිංදු පොද වැටිලා වැටෙන වැහි පොද කවද හරි දවසක ලොකු
වැවක් වෙනවා ඇත්තමයි.....
පුංචි වැහි පොද බිඳුවකින් නැගෙන මේ සිසිලස
හැමදාමත් වෙනසක් නැතුව එකම විදියට දැනේවි...
.චුටි චුටි දිය ඇලි ටිකක් එකතු
වෙලා ලොකු ලස්සන ගඟක් හැදෙනවා.....
ගඟක් වුනත් හැඩේකට...ලතාවකට... තාල දාල
ලස්සනට ගලන කොට තමයි කාට වුනත් බලන්න ආස හිතෙන්නේ...
ගල් වලත් හැප්පිලා වංගු
වලින් ලස්සනට තාලෙකට හැරිලා යන කොටයි හැමදාම එකම විදියට ගලන ගඟෙත් ලස්සනක්
දැනෙන්නේ.....
.ජිවිතෙත් ඒ වගෙයි හැමදාම එකම විදියට ඉඳලා හැමදාම එකම විදියට
ඇඳලා එකම විදියට හිතුවොත් අපි හැමදාමත් එකම තැන....
හරියට එක තැන ප්ලේ වෙන
සීඩී එකක් වගෙයි....
ජිවිතේටත් වෙනසක් ඕනේ.....ඒත් ඒ වෙනස වෙන්න ඕනේ වෙනස්
වෙන්න ඕනෙම තැනදි... ඕනෙම කරන විදියට....
ඔහේ කල්ගෙවලා නිකන් කාලය නාස්ති
කරලා කිසිම පලක් නැති දෙවල් වලට තමන්ගේ වටිනා කාලය මිඩංගු කරලා ඇත්තටම අපි
අපේම දේවල් ගැන දුක්වෙන වාර අනන්තයි...
.ඒත් සීමා සහිත රාමුවකින් එලියට
ගිහින් අපිට ජිවිතේ ගැන වෙනසක් දකින්න පුළුන්නම් වෙනසක් කරන්න පුළුවන්
නම්........
විඳින්න තියන ජිවිතය අපිට ජිවිතය වගේම විඳින්න පුළුවන් වෙන්නේ
එතකොටයි ....
කාලයක් ගිහින් ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දි අපිට හිතලා
විතරක් නෙමෙයි තව කෙනෙක්ට කියලාහරි සතුටු වෙන්න පුළුවන් වෙන්නේ
එතකොටයි.......