කඳුළු සක්මන් කරපු හද වෙත
සෙනෙහසේ මුදු සිසිල තවරා
මගේ හදවත පැයු සඳ නුඹ
ආදරේ සඳ එළිය විහිදා
තබා මගේ හිස නුඹේ උරයේ
සුසුම් උණුසුම් සයුරේ නහවා
මහා මෙරක් සේ නුඹ පුදපු සෙනෙහස
කෙසෙ ලියමිද අකුරු ගලපා
පැයු ගඟනත සුපුන් සඳ නුඹ
මගේ දිවියේ අඳුර පරදා..
මියෙන තුරු හැර නොයමි නුඹේ පෙම
හදපියන් යට සෙනෙහෙ රඳවා....
-කළුවර හීනය-
හඳ වුනත් හරි ලස්සනයි සමහර දාට.. සමහර දාට මෙලෝ රහක් නැත.
ReplyDeleteලස්සන ගීයක්
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
උදෙන්ම කියවා හොඳ රසවින්දනයක් ලැබුවා.
ReplyDeleteආදරේ හරියට රිදෙනවා නේද?? ඒක හරිම ආස හිතෙන වේදනවාක්..
ReplyDeleteලස්සනයි
ReplyDeleteLassani...
ReplyDelete