සෙනෙහෙ හද තුල හිර කරන්
කඳුළු දෑ‘සඟ ගුලි කරන්
මැවෙන නුඹේ රුව හෙමින් කොඳුරයි
කඳුලේ රැඳි දුක කොයි තරම්
ගැහෙන පපුවට කන තියන්
නැගෙන සුසුමන් අහුලමින්
ඇසෙන නුඹේ හඩ සෙමින් මුමුණයි
හිතක රැඳි දුක මොන තරම්
පාට හීනෙක දැවටෙමින්
රැඳුණු මතකය ගලපමින්
දකින නුඹේ සිත තවත් පවසයි
බිදුණු හිත හැඩවුණු තරම්
වෙන්ව ගිය හීත ඇතට මගෙන්
කඳුළු තුල හිත නහවමින්
මැරුණු නුඹේ පෙම අදත් කොඳුරයි
ආදරේ විඳවපු තරම්....
-කළුවර හීනය-
ලස්සන මෙලඩියක් තියෙනවා. එකම බීට් එකට යනවා..හරි ලස්සනයි.
ReplyDelete:) ස්තුතියි
Deleteලස්සනයි බං..ගැහෙන පපුවට කණ තියන්
ReplyDeleteහරිම ලස්සනයි. අදයි ආවෙ.
ReplyDeleteජය පතමි!
ගතියක් ඇත...
ReplyDeleteහරිම ලස්සන පද පෙළක්.....
ReplyDeleteහරිම ලස්සන පද පෙළක්.....
ReplyDelete