Wednesday, October 10, 2012

නොලියෙනා කවිය තව නුඹ

හිරුවට සිරුවෙන්
අකුරු එකිනෙක් අහිදන්
පද හතර එළිවැටත්
එකිනෙකට ගලපන්
නුඹ නමට මම ගෙතුව
කිවි මුතුත් ඇහිදන්
පිටුපිරෙන්නට කවි ලිවා
නුඹේ සෙනෙහෙ දවටන්

කාමරේ මුලකට
මම ගිහින් හෙමිහින්
දුක හිතෙන පද අතර
නුඹේ රුපේ ඇහිදන්
ලීව පද අරුත ගෙන
නුඹේ පෙමට මිහිදන්
කඳුළු කැට මිණි වුනා
කවි අතර හැබැහින්

හිත් කොනේ දඟලනා

නුඹේ සෙහෙසෙ ලඟකින්
මම මැව්ව පෙම් හින
බොඳ වෙලා දැන් දැන්
ගෙතුව කවි නුඹ නමට
හිතට මගේ රහසින්
නොලියෙනා බව දැනන්
හිත හඩයි තව හයියෙන්
 
_______________________________

3 comments:

  1. නොලියෙනා බව දැනන්
    හිත හඩයි තව හයියෙන්

    _______________________________
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  2. පලවෙනි ටිකට මම ගොඩක් කැමතියි :)

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?