Monday, October 8, 2012

නුඹ තවම දන්නේ නැහැ.....නුඹට වැටහෙන්නේ නැහැ

සිහිල් පොද පින්න
තෙමයි මගේ හිතම අද
නුඹට පෙම් බැන්ද අරුමය
පින්න තව දන්නේ නැහැ...
පිනි සිසිල තව දන්නේ නැහැ...

වැටෙන පිනි දියර බිද
නිවයි ගත විඩාබර
ඒත් මම පෙම් බැන්ද හැටි තව
පින්න තව දන්න දන්නේ නහැ
පිණ සිසිල තව දන්නේ නැහැ...

නොතෙමෙන්නට හිතම මගේ
පින්න ඇද වැටෙයි හෙමිහිට
එත් ඒ වැටෙන පොදයට
ආදරය කරමි මම
නුඹට පෙම් බැන්ද අරුමය
පින්න තව දන්නේ නැහැ
පිණි සිසිල තව දන්නේ නැහැ....

නොතෙරෙන හැඟුම් පොදි
දඟ කරන හැඟුම් ලඟ
ආදරය ඉතිරෙනා හැටි
නුඹේ හිත හඳුනන්නේ නැහැ
නුඹට පෙම් බැන්ද අරුමය
තවම වැටහෙන්නේ නැහැ
නුඹට වැටහෙන්නේ නැහැ.....
 
 
_____________________________________(සෂි)-.

7 comments:

  1. ලස්සනයි. කමෙන්ට් කරන්න ඔනේ නිසා කලා නෙමෙයි හදවතින්මයි ලස්සනයි කිවුවේ :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හුඟක් හදවතින්ම දෙන කමෙන්ටුව හුඟක් වටිනවා මට

      Delete
  2. හ්ම්ම්......ලස්සනයි යාලු වෙනද වගේම :)

    ReplyDelete
  3. අදයි මේ පැත්තටට ආවේ.. ලස්සන බ්ලොග් එකක සෂි.. කවි පෙලත් ලස්සනයි..

    ReplyDelete
  4. හ්ම්ම.. පිනි සිසිල ඒ ආදරය නොදැන වියැලෙනවා වගේ..
    ලස්සන සිතිවිල්ලක්..!

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?