Wednesday, October 10, 2012

තරු තාම නුඹ සොයනවා

සුදු සඳක් පායා ඇවිත්
රෑ අහසම එළි කලා
එ සදේ රැලි තුලින්
නුඹේ රුව සිත්තම් කලා

එළිය දෙන සිසි ලඟින්
තරු ඇවිත් රෑ සැනසුනා
දිදුලනා තරු කැටෙන්
සඳ තවත් හිනැහුනා
පාළු රෑ අහස ලඟ
සඳු මෙහෙම හිනැහුනා
තරු නොකි පෙම් පුවත
සඳු ඇවිත් කෙදිරුවා

සුදු සදේ රැළි මැවු

නුඹේ වත සිහිවුනා
තරු ලඟින් එළිය දෙන
නුඹේ නුවන් කැලඹුනා

හැමදාම රෑ මම ඇවිත්

අහස් කුස පිරලා
සඳු නොමැති රෑ ලඟින්
තරු නුවන් සොයනවා

පෙරුම් පිරු අහස ලඟ

තරු යලිත් තනිවුනා
හැමදාම රෑ පුරාවට
සඳක් වි නුඹ ඇවිත් තිබුනා

______________________________
_________-

3 comments:

  1. නියමයි... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. ලස්සන කවි සිතුවිලි!! :)

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?