Thursday, October 4, 2012

සඳ කුමරුනේ නුඹ සැමදා මගේ වෙන්න


හිත සනසන පෙම් හඟුමන් පුබුදන්න
හිනෙක දැවටිලා නුඹ මවෙතට එන්න
මල්ගොමුවකින් වැහෙන සුව තවරන්න
හෙමිහිට ඇවිත් හද අරණේ සැතපෙන්න

නොලියන පෙම් කවක් හද මඩලේ රඳවන්න
නොගැයු ගිතයක් වි තොල් අග රැව්දෙන්න
නොඇසු සවන් යුග සෙනෙහෙන් නහවන්න
නුඹ මගේ හද කුටියේ රජ කුමරුන් වෙන්න
නැහැවෙන සුපෙම් සෙනෙහස තව විඳගන්න
ඔය සුදු මුහුණ ආදරයෙන් මට සිපගන්න
ජිවිතයේ අම සුව මට ලැබගන්න
සඳ කුමරුනේ සැමදා නුඹ මගේ වෙන්න





___________________________________________________________සෂි.

8 comments:

  1. ආදරය දන්නේ නෑ අප්පා.... කවය නම් ලස්සනයි.
    කතාවක් ලියන්න.හැබැයි වැඩිය ලව් කේස් එපා.

    ReplyDelete
    Replies
    1. කතාවක් ලියන්න ආසයි ඒත් නිමිත්තක් තමයි නැත්තේ ස්තුතියි මල්ලි

      Delete
  2. දෙවන කවිය නම් ගොඩාක් ලස්සනයි යාළු..සුබ පැතුම් ඔබට :)

    ReplyDelete
  3. 'නැහැවෙන සුපෙම් සෙනෙහස තව විඳගන්න
    ඔය සුදු මුහුණ ආදරයෙන් මට සිපගන්න'

    මේ ටිකට මම ගොඩක් කැමතියි.
    ජයම වේවා! :)

    ReplyDelete
  4. අක්කගෙ කවි වලට මං දැං ඇබ්බැහි වෙලා වගෙ....

    ReplyDelete
    Replies
    1. ආ එහෙමද.....නියමයිනේ හුඟක් ස්තුතියි මල්ලි මගේ කවි කියවනවට.....එදේ මට හුඟක් වටිනවා..

      Delete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?