Saturday, October 6, 2012

නුඹයි මගේ ආදරය හැමදාම මම පතන


නුඹයි මගේ ආදරය හැමදාම මම පතන.......
 
 මෙහෙම කියුවට මම වැරදි නැහැ....මොකද මේක තමයි ඇත්ත... ඔනේම කෙල්ලෙක්ගේ හිතේ අහිංසක බලාපොරොත්තුවක් තියනවා....එක ආදරය සම්බන්ඳයෙන් වෙන්න පුළුවන් නැත්තම් වෙන මොකක් හරි දෙයක් සම්බන්ඳයෙන් වෙන්න පුළුවන්......
හැමදාම මම බලාපොරොත්තු වුන ආදරයක් මගේ හිතේ තිබ්බා.....එත් අපි හිතන දෙවල් අපිට ලැබෙලවා අඩුයි....නැත්තම් ලැබුනත් ඒ හුඟ කාලයක් ජිවිතේ එක එක සරදම් වලට ලක් වෙලා....එක එක අත්දැකිම් වලට මුහුණ දිලා ඉවර වෙලා...නමුත් පරක්කු වෙලා හරි තමන් හොයන දේ ලැබුනානම්...ඒ තරම් සතුටක් තවත් නැහැ....
හරියට මගේ ආදර කතාව වගේ......


 ඔය අත් දෙකින් අල්ලන් මං මාවත් වල ඇවිදන් යන්න...
හයියෙන් හිනා වෙලා හැම දේම බෙදා ගන්න....
 ඔයාගේ පපුවට තුරුල් වෙලා ලොකෙම තියන හැමදේම .....තත්පර ගානකට හරි අමතක කරා හිනාවෙලා ඉන්න..සතුටින් ඉන්න...
මුළු ජිවිත කාලය පුරාවට ඔය හිතට තුරුල් වෙලා සතුටින් ඉන්න
කොටින්ම කිය්වොත් හැමදාම හිනාවෙලා ඉන්න....
මං හුඟක් ආසයි.......හුඟක් ආසයි...
ඔය අතින් මං අල්ල ගත්තේ...ඔය හිතට මං පෙම් කරන්නේ.....ජිවිතේ අතර මඟදි දාලායන්න නම් නෙමයි.....
අදුරු වළාවන් රජ කරපු මගේ හිතට ඉරයි ...සඳුයි දෙකම ගෙනාවේ ඔයා... ඔය හිතට මං හුඟක් ආදරෙයි.....හුඟක්....

ඔය උර මඩලේ හිස සඟවාගෙන
ඉන්නට ඇතිනම් තව මොහොතක්
ලොවම නැති වුනත් මට තනියක් නැහැ
ඔය සනෙහස මට මහොගයක්








හිතුවාට වැඩියෙන් -හරි ලස්සනට ලියැවුන
නුඹේ සිත කවියක්ය- ආදරෙන් ඉතිරුන
හැමදාම ළඟ ඉඳින්- හිත ලඟම තනිරකින
ආදරේ සොඳුරුයි- නුඹේ නමට මම පුදන

පද අකුරු එකිනෙකට - කැල්මකින් ලියැවිච්ච
සුන්දරම හැඟුමක්ය - නුඹේ හිතේ තෙරපිච්ච
නෙතුලඟින් හැමරෑම - මම ඔහේ හිනැහිච්ච
ආදරේ සොඳුරුයි - ඔය හිතේ ගුලිවෙච්ච

හද පුරුදු රුව වරුණ -හිත් කොනක නුඹ මවන
නෙතු සොයන රූ දසුන - හද මලම කලඹවන
සිහිනෙකින් හෝ - ලඟ ඉන්න පින්කරන
නුඹයි මගේ ආදරය - හැමදාම මම පතන
.
.
.
.
.
.
.
.
.
...............................

මේ ඇස් දිහා බලන් දැන් වත් කියන්න මගේ රත්තන්....

ඔබ මගේ ද?


__________________________________________සෂි_.

12 comments:

  1. ආ ඒ සින්දුව ලස්සනයි තමයි....

    ReplyDelete
  2. හ්ම්ම්ම් මමත් අසාම සින්දුවක්....

    මේ ඇස් දිහා බලන් දැන් වත් කියන්න මගේ රත්තන්....

    ඔබ මගේ ද?
    මා ඔබෙද??????????????????????


    නිසදැසත් අපුරුයි,,,,

    ReplyDelete
    Replies
    1. ඒ සින්දුව ලස්සනයි තමයි මල්ලි
      හුඟක් ස්තුතියි

      Delete
  3. ඔන්න මමත් අාවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආවට.....ලියපු කවි කියවන්න

      Delete
  4. ලස්සනයි ..:)
    ආදරේ නම්..අනේ මන්ද..

    ReplyDelete
  5. හැමදාම මම බලාපොරොත්තු වුන ආදරයක් මගේ හිතේ තිබ්බා.....
    ඇත්ත ...ඒක කෙල්ලෙක්ට විතරක් නෙවෙයි කොල්ලන්ට වුනත් එහෙමම තමයි..කොච්චර දරුණු කෙනෙක්ගේ උනත් එයා බලාපොරොත්තුවන ආදරයක් එයාගේ ජීවිතේම තියෙනවා...

    ReplyDelete
    Replies
    1. හම්හම් ඒක ඇත්ත සහෝ...කොච්චර තද හිතක් වුනත් ආදරය ඉස්සරහ මෘදු වෙනවා එක තමයි ඇත්ත

      Delete
  6. ලස්සනයි ගොඩක්

    ReplyDelete
  7. ලස්සනයි ගොඩක්

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?