Tuesday, October 30, 2012

මවක් වේද වැදු පමණින්

දසමාසයක් කුසයේ දරාන....දහ දුක් විදලා....හරි අමාරුවෙන් දරු ගැබ පරිස්සම් කරන්නේ සෙනෙහෙ සිතින්....ආදරයෙන් දිනෙන් දින මෝරන දරුගැබ අම්මා කෙනෙක් ආරක්ෂා කරන්නේ හරියට දෙවත්වයෙන් වගේ බැදැමකින්.....අම්මා කෙනක් වෙනවා කියන්නේ උතුම් දෙයක් උතුමු හැඟිමක් මතෘත්තවයට පත්වෙනවා කියන්නේ දරුවෙක්ට මෙළොව එළිය දකින්න ඉඩ දෙනවා කියන්නේ මොළොව දකින්න නෙත් පාදනවා කියන්නේ කොයිතරම් ආසාවකින්ද.....දරු ගැබ පිලිසිඳ ගත්ත දිනයේ ඉදන් දස මාසයක් අම්මා කෙනෙක් ඒ කළලය කුසයේ දරාගෙන දරුවා බිහිකරන මොහොත කෙත් රඳවගෙන ඉන්නේ හරිම බක්තියකින් ගරුතවයකින්
තමන්ගෙ ලෙයින් බිහිවන තමන්ගේම ශරිර කොටසට ආදරය කරන්නේ හරිම සෙසෙහෙසිතින්....
ඒත්
කොපමණ සෙහෙ සිතින් අම්මා කෙනෙක් දරුවෙක් වැදුවත් කොච්චර පොෂය දායි ආහාර අරන් දරුවා බිහිවෙන්න කලින් ඉදන් දරුවට ඔනේ පොෂයන දුන්නත් තම කුසින් දරුවෙක් බිහිකලාට පස්සේ එ දරුවට නොවිදිනා දුක් දිලා එ දරුවට උපන් කමත් පාපයක් කරවන අම්මාලත් අපි අතර ඉන්නේ නැතුවා නොවෙයි
එහෙම්පිටිම දරුවෙක්ගේ ජිවිතයක් අපායක් කරන්නත් එහෙම්පිටිනම් ජිවය දුන්න අමිමට ඒ දුන් ජිවය පණ පිටින්ම මරලා දන්නත් පුළුවන් එහෙම හැකියාවක්තියෙන එකම කෙනා අම්මා.....ඒ වගේ අම්මා කෙනක් ගැන ඒ කුසින් බිහි වුන දරුවෝ කොපණක් උපන් පවුකාර කරම ගැන හිතින් දුක්වෙනවා ඇතිද...කාටවත් කියාගන්න බැරිව හිතන් දුකවිදිනවා ඇතිද
හිතන් කොච්චර කඳුළු බොනවා ඇතිද....
උපන් නිසා ජිවය ලද නිසා උපන් කමේ පව තනිවම ගෙවනවා ඇතිද....
උපන් පව්කාර කමට නුපන් අකුසල් හිතන් වුනත් උපද්දවාගනි.....
 ____________________________________________________________________________
මුතු මුතු කඳුළු මිණි දෙනෙතින් ඇදවැටුනා...
රන් කිරි සිනා නිල් මුවගින් ගිලිහි වැටුනා
මල් මුතු හින හැම රෑයකම පරවි වැටුනා
මව් සෙනෙහස නිසා ලද දිවියම ඇද වැටුනා

සිගමන් යදිනවා මම නුඹේ සෙනෙහස ඉල්ලා
නොලැබෙන නිසාදෝ හිත දුක ගොඩ ගලලා
රන්වන් සිනා මා මුවගින් දැන් ඇද වැටිලා
දිනයක් උදාවේදෝ මං සිහිනෙන් හො හිනැහිලා

මේ ලොව එලිය බැලුවේ අම්මේ නුඹ හින්දයි
ඇස් වල දිස්නේ ලැබුනේ ඒ සෙනෙහෙස හින්දයි
දිවියට බර නොවි මා දිවිගෙවුවේ ඔය හිත හින්නදයි
නුඹේ සෙනෙහෙ ලැබුනිනම් මම අද ලොවම දිනයි

අසරණ හිතක් ඇතුලෙන් දුක මම සඟවනවා
නොකියෙන වදන් ඇතුලෙන් හිත තව අඩවනවා
නොලැබෙන සෙනෙහෙ ලඟ දුක් ගි මුමුණනවා
මව් සෙනෙහසකට මම අද සිඟමනේ යනවා
_____________________________________

5 comments:

  1. උත්තමයන් යක්ෂයන් කාලකන්නින් පල් හොරු මේ හැම කෙනෙක් පිටුපසම අම්මා යටින් ඉන්නවා...

    ReplyDelete
  2. " එහෙම්පිටිම දරුවෙක්ගේ ජිවිතයක් අපායක් කරන්නත් එහෙම්පිටිනම් ජිවය දුන්න අමිමට ඒ දුන් ජිවය පණ පිටින්ම මරලා දන්නත් පුළුවන් එහෙම හැකියාවක්තියෙන එකම කෙනා අම්මා " මෙන්න මේකට නම් මං විරුද්දයි.ප්‍රායෝගිකව මෙය යතාර්ථය බව ඇත්ත.ඒත් නෛතිකව දරුවා වැදීමට අයිතිය ඇතිමුත් නැසීමට අයිතියක් නෑ :)

    ReplyDelete
    Replies
    1. ෙෙනතිකව අයිතියක් නැති වුනත් වදන අම්මාට දරුවාව මරන්නත් දරුවාෙග් ස්ම්පුරණ ජිවිතයම විනාස කරන්නත් හැකියාවක් තියනවා

      Delete
    2. මෙ එ ගැන මං දකින විදිහ...


      වර්තමානය වන විට ගබ්ෂාව හෙවත් උපතට පෙර දරු ගැබ විනාස කිරීම පෘතුවිය නම් වූ නිල් පැහැ ගෝලය
      නොනවත්වාම සිදු වන්නක්. ගබ්ෂාවේ උපත කොහේ කොතනකදී කුමන කාරණයක් අරබයා මුල්ම දරු ගැබ
      විනාස කර දැමුවත් අද වන විට එය නොනවත්වාම සිදු වන ක්‍රියාදාමයක්... මෙහි නිර්මාපකයා හෙවත් මැවුම්
      කරුවා වන්නේ සොබා දහමයි. රුදිර ගන නොගැලපීම නිසා ස්වාබවිකව සිදු වන ගබ්ෂාව මෙයට කදිම නිදසුනක් .



      කෙසේ වෙතත් සොබා ධර්මය විසින් ලබා දෙන දැනුම මිනිසා විසින් අත්තොනෝමතික ලෙස සිය පරමාර්ථයන් එටු
      කර ගැනීම නොනවත්වාම සිදු වන්නක් .......................මෙතනින් බලන්න .................... එයට කදිම උදාහරණයක් මේ ..

      ගබ්සාවකට බදුන් වන්නේ ජිවියෙක්මද ?ඇතැම් රට වල දරු ගැබකට මස 3 ක් යාමට මත්තෙන් ගබ්ෂාව සිදු කිරීමට
      නිත්‍යානුකුල අවසරයක් ලබා දී තිබෙනවා ඒ හර්ද ස්පන්දනය අරඹා වීමට ගත වන කාලය මාස 3ක් බැවින්
      තවත් රටක දරු උපතට පෙර ඕනෑම අවස්ථාවකදී දරු ගැබ විනාස කිරීමට අවසරයක් තිබෙනවා ..
      ආසියාතික රටවල් අතරින් බොහොමයක මවට හානියක් සිදු වේ නම් පමණක් ගබ්සාවකට
      අවසරයක් හිමි වෙනවා එත් මේ කුමන අවස්ථාවකදී සිදු කලත් බුද්ධ දේශනාව ට අනුව සිදු වන්නේ ජීවියෙකු
      මැරීමයි... දරුවෙකු මව් කුස පිළිසිද ගැනීමට නම් කරුණු පහක් සම්පුර්ණ විය යුතු බව සදහන් වෙනවා......
      1. මව සරු වීම
      2.පියා සරු වීම
      3.සංසර්ගය හෙවත් සරු ජනිතයන්ගේ එකතු වීම
      4.සංසේචනය ( ඩිම්බයක් සමග ශුක්‍රනුවක් එකතු වීම )
      5.ගන්ධබ්බයෙකුගේ පැමිණීම
      ගන්ධ්බ්බයෙකු යනු කවද ? මං මේ ගන වැඩි දුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැ සරලව පැහැදිලි කරනවානම්
      මව් කුසක් සොයන ආත්මයක් තමයි ගන්ධබ්යෙකු ලෙස හදුන් වන්නේ ......................
      ඒ කියන්නේ පැහදිලිවම අපි මේ මතය තුල සිටිනවානම් ගබ්සාව යනු ජිවිත යක් නැති කිරීමක් හෙවත් තවත් මිනි මැරුමක් .


      අද වන විට ගබ්ෂාව යන ක්‍රියාව බොහෝ සුලබ සිදු වීමක් ලංකාව තුලකට දිනකට මෙවන් ගබ්සාවන් 5 ක් පමණ
      සිදු වන බව සදහන් වෙනවා.. මේවා සිද්ද වන්නේ නිත්‍යානු කුලව නොවේ.. ඉද හිට කාන්තාවක් ගේ මරණයක්
      ඒ කියන්නේ ගබ්ෂාව සිදු කරන අවස්ථාවේ සිදු වන වැරදීමක් අධික රුධිර වහනයක් නිසා සිදුවන මරණයක් තුලින්
      මෙවැනි ස්ථානයන් පිළිබධ කතිකාවතක් ගොඩ නැගුනත් එය කෙටි කාලෙකින් වැළලී යනවා..
      මම හිතන හැටියට ගබ්සාවට ප්‍රධානතම හේතුන් වන්නේ
      1. අසම්මත ලිංගික සම්බන්දතා
      2. නගර සොබනියන් ................
      3. උපත් පාලනය ගැන දැනුමක් නැති වීම
      4. දුප්පත් කම



      මම හිතන විදිහට ගබ්ෂාව සිදු කිරීමට යම් යම් අවස්ථාවන් වල අවසරයක් ලබා දිය යුතුයි
      එසේත් නැතිනම් ලිංගික අධ්‍යාපනය සමාජ ගත කිරීම විදිපත් ලෙස සිදු කල යුතුයි.
      සංස්කෘතිය නමැති මායාව තුල අපි තව දුරටත් ජිවත් විය යුතු නැ අපි යථාර්තයට මුහුණ දිය යුතුයි
      අපි හොද සංස්කෘතිය තුල ජිවත් වන්නේ නැ තව දුරත් එසේ සිදු වනවානම් මෙලෙස දිනෙන් දින
      ගබ්ෂාව ඉහල යාම සිදු වන්නේ නැ .....
      අංග විකල හෝ මන්ද බුද්ධික දරුවෙකු උපදින බව උපතට පෙර දැන ගත් විට මව් පියන් හට ගබ්සාවකට අවසර
      ලබා දීමේ හි සදාරනත්වයක් ඇතැයි මා සිතනවා... අනාගතයේ දී විදින්නට සිදු වන දුක් ගැහැට වලට නිමාවක් වන නිසා මෙන්ම ඒ වැනි උපතක් ලබන
      ජීවිතයත් සදාකාලිකවම දුක්කිත ජීවයක් බැවින් ....



      නගර සොබනියන් හා අසම්මත ප්‍රේමයන් මෙන්ම රාගය නිසා සිදු වන්නා වූ ගබ්සාවන් වැලක්වීමට නම් මුලදී සදහන් කල පරිදි
      ලිංගික දැනුම සමාජ ගත කිරීම නොපමාව සිදු කල යුතුයි කිසි විටකත් නගර සොබනියන් සොයා යන මිනිසුන් මෙන්ම
      මුදලට විකිනෙන ගැහෙනුන්ගේ උත්පත්තිය වැලක්වීමට නොහෙකි නිසා ...
      ඇතැම් විට හදිසි කෝපය නිසා සිදු වන ගබ්සාවන් නිසා මෙන්ම අනිකෙකුගේ බල කිරීමක් මත සිදු වන ගබ්සාවන්ද දකින්නට ලැබෙනවා
      මෙහිදී මෙහි මුල බිජයට පිළියම් යොදනු විනා ගබ්ෂාව නීතියෙන් තහනම් කිරීම නම් කිසිම පලකට නැති අනුවන ක්‍රියා දාමයක්..

      කෙසේ වෙතත් ඔබත් මවත් දරු ගැබක් තුල සිටින අවදි යේදී ගබ්සාවකට ලක් නොවීමට අපි පෙර පින් ඇත්තෙමු...
      රත්තරන් අම්මෙක් රත්තරන් තාත්තෙක් අපේ දෙමාපියන් වූ බව අපි දනිමු ... තමාගේම ලේ මස් නහර වලින් සැදුනු තවත් ජිවිතයක් සිත් පිත් නැති
      ලෙස මර දැමීමට තරම් අපි කුරිරු වී ඇත එවන් අවධියක හේතුව කුමක් උවත් ඔබත් තවත් ගබ්සාවක හිමිකරුවෙක් වෙනවද ?
      ..........තීරණය අපි සතුයි....................


      මං මේ ලිපිය ලියනවද නැද්ද කියල කාලයක් තිස්සෙම හිතුවා එත් හිතට එන සිතුවිලි එලියට
      දාන්නේ නැතුව තද කරන ඉන්න එක හරිම අමාරු වැඩක් ....................... සංවාදයට විව්ර්තයි මෙන්ම මෙහි ලියවෙන්නේ
      මගේ පුද්ගලික මතය කෙනෙක් එකග වෙන්නත් කෙනෙක් විරුද්ද වෙන්නත් පුළුවන් ................ ස්තුතියි

      Delete
  3. දරුවෙක් බිහි කරනවා වගේම, අම්ම කෙනෙක්ට පුලුවන් දරුවෙක් නොමරා මරන්න.
    ඒක නිසයි කියන්නේ වැදූ අම්මට වඩා හැදු අම්මා වටිනවා කියලා.......

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?