කඳුළුත් එක්ක ගණුදෙනු කරලා හිනාව මගේ ජිවිතේ ඇතටම ගිහින් තිබ්බ කාලේක හිතන්නෙත් නැති විදියට ඔයා මගේ ජිවිතේට ඇවිත් හිනාවේ තියන ලස්සන හුරුබුහුටි කම මට හරි ලස්සනට කියලා දුන්නේ ඔයයි වෙන කවුරුවත්ම නෙමෙයි ඒ ඔයයි.... ටිකෙන් ටික හුස්ම ගැහෙන රාවයත් එක්කම මම ඔයත් එක්ක හිනාවෙලා මම මගේ ජිවිතය වින්දා ජිවිතයේ ලස්සන දැක්කා...කාලයත් එක්කම මට මගේ ජිවිතේ දැනේන ගත්තා හැමවෙලෙමෙ මගේ ලඟ හෙවනැල්ල වගේ ඉදන් ජිවිතේ ලස්සන මට කියලා දුන්නේ ඔයයි ඒ ඔයයි...ජිවිත පොතේ ආදරය කියන...හිනාව කියන ලස්සනම ලස්සන පරිච්චේද වලට අකුරු කරන්න අයනු ආයනු කියා දුන්නේ ඔයයි....ඒ තරම් හිනාහවේ ලස්සන මට ජිවිතේ ට දැනුනා ඔයත් එක්ක මම ඒ සුවය වින්දා.....මම හිනා වුනා ඇත්තමයි හදවතින්ම මම හිනවුනා කාටත් නොතෙරෙන හැඟුම් ගොඩක් ලඟ මම ඔය හිතත් එක්ක හිනාවුනා....
ජිවිතේ මගේන් ඇත්වුන හිනහව මට ඔයා ලගාකරලා මගෙන් ඇතට ගියේ මට හිතන්නවත්
බැරි හයියෙන්...තමත් මම නැවතුනු තැනම බලන් ඉන්නවා..ඇස් අඟ ඔයා ඉතිරි කරලා
ගිය හිනාහවේ වියැළිච්ච කඳුලකුත් එක්ක... මට ජිවිතේට සතුටු වෙන්න උගන්නලා
ඇස් අග කඳුලක් ඉතිරි කරලා ඔයා මගෙන් හුඟක් ඇතට අද යන්න ගිහින් හුඟක්
ඇතට....අවසානයක් නොපෙනෙන හුඟක් ඇතට.....මම අඩනවා...ඔව් මම අඩනවා... මගෙත්
එක්ක හිනාවෙන්න ඔයා මගේ ලඟින් එදා හිටියා...ඒත් අද මම අඩනකොට මගෙත් එක්ක
අඩන්න අද ඔයා මගේ ලඟ නැහැ...හිනහාවේ නතර වුන කඳුළු අද මම ගනන් කරන්නේ
තනියම......අඩන්න මම ඉගෙන ගත්තේ තනියම...අද ඔයා මගේ ලඟ නැහැ....හැමදාමත් මේ
පුරුදු විදිය මම කඳුළු මුතු වලට ලස්සනක් එකතු කරයි....මම තනියම කදුළු වලට
වටිනාකමක් දෙයි
මගෙන් ඇතට යනකොට මගේ මුව අග ඔයා නතර කර ගිය හිනාවටත්....නෙත් අග ඔයා රදවලා ගියා කඳුලටත් මම හැමදාමත් ආදරෙයි ඇත්තමයි ආදරෙයි....
මගෙන් ඇතට යනකොට මගේ මුව අග ඔයා නතර කර ගිය හිනාවටත්....නෙත් අග ඔයා රදවලා ගියා කඳුලටත් මම හැමදාමත් ආදරෙයි ඇත්තමයි ආදරෙයි....
ඔබට කවිපද ගලපන්න පුළුවන් හොඳට නේ..?
ReplyDeleteපද ටිකක්ට හැගිම් එක්ක අත්දැකිමක් එකතු කරාම ලස්සන කවියක් ඉබේම නිර්මාණය වෙනවා
Deleteමුළු හදවතින්මයි ලියල තියෙන්නේ..වචන නැහැ කියන්න ..
ReplyDeleteහම් හදවතින් එන හැඟිම් හරිම ලස්සනයි
Deleteපුංචියට ලිය උන කතාව හිතට ලොකුවට දැනුනා.. නියමයි..
ReplyDeleteස්තුතියි
Delete