මගේ කළුවර හිනය හරියටම දැක්කේ ඔයා...මේ පින්තුරය මගේ බ්ලොග් පිටුව ලස්සන කලා....කළුවර හිනයට ගැලපෙනම පින්තුරයක් මේක....ඔයාගේ ඇහින් දැක්ක මගේ කළුවර හිකයට මම ආදරෙයි...ඒත් මට කළුවර හිනය ලස්සන කරන්න උදව් කරලා ඔයා කොහොදේ ඇතකට ගිහින්.....මම දකින මගේ කළුවර හිනයේ ලස්සන බලන්න අද ඔයා මගේ ලඟ නැහැ
මට තියන දුකත් එකමයි...
ජිවිතයේ සුව දැනේන වියේ ඔබ මා හැරදා ඇයිද ගියේ.....
වැටෙන කඳුලින් ගෙනෙයිනම් සුව
හද ගැහෙන ඒ රාවයේ නද
නුඹ දුටුව මගේ හිනයේ තුල
මං නොසිටියේ ඇයිද කියන් මට
කළුවරයි මගේ හිනයත් තව
නුඹයි හිනේට දුන්නේ ලස්සන
නොඑයිනම් තව නුඹ මසිත් අහසට
හින පෙනුනේ කොහොමදෝ මට
පෙනෙනෙ නොපෙනෙන හිත ඇතුලේ මම
හින දකිනව රෑයමේ කළුවර
ආදරෙයි මම ඒ නොදුටු හිනේට
මගේ නොවුනත් කළුවරයි තව මට
හද ගැහෙන ඒ රාවයේ නද
නුඹ දුටුව මගේ හිනයේ තුල
මං නොසිටියේ ඇයිද කියන් මට
කළුවරයි මගේ හිනයත් තව
නුඹයි හිනේට දුන්නේ ලස්සන
නොඑයිනම් තව නුඹ මසිත් අහසට
හින පෙනුනේ කොහොමදෝ මට
පෙනෙනෙ නොපෙනෙන හිත ඇතුලේ මම
හින දකිනව රෑයමේ කළුවර
ආදරෙයි මම ඒ නොදුටු හිනේට
මගේ නොවුනත් කළුවරයි තව මට
කවි ටික ඇත්තටම ගොඩක් ලස්සනයි :)
ReplyDeleteස්තුතියි හුඟක්
Deleteකවි ටිකනම් ලස්සනයි, ඒ වගේ ජීවිතෙත් ලස්සන කරගත්තොත් තමයි හොඳ කළුවරේ ඉන්නවට වඩා....
ReplyDeleteඅනිවාරයයයෙන් මල්ලි හුඟක් ස්තුතියි කවිය මාව දැක්කට
Deleteනියම කවි ටිකක්...ලස්සනයි!!
ReplyDeleteස්තුතියි යාළු
Deleteඅනිවාරෙන්ම ඔබේ වදන් දිනක මගේ හඬින් ගීයක් වේවි.. අපූරුයි~ජය~
ReplyDeleteමමත් ඒ දවස එනකම් නොයිවසිල්ලෙන් ඉන්නේ
Deleteහුඟක් ස්තුතියි කවියට හඩක් දෙනවට
කවි ඇතුලෙ කියගන්න් බැරි තරම් දුකක් හැන්ගිලා තියනවා කියලා මට හිතෙන්නෙ ඇයි ද මන්දා....
ReplyDeleteලියැවෙන අකුරක් අකුරක් ගානේ මම විඳවනවා මල්ලි
Deleteදැනුනා මේක නම්... :(
ReplyDeleteවැටෙන කඳුලට වැටෙන්න දෙන්න....ඒ එක්කම ඔය දුකටත් හිතෙන් යන්න දෙන්න අක්කණ්ඩියේ...හැමදේම වෙන්නේ හොඳට... ඔයා හිතනවනම් එළිය විතරක් සැපතක් කියලා ඒක වැරදියි හැම දේකම දෙපැත්තම ඒ කියන්නේ එළිය වගේම අඳුරත් ජීවිතයට ඕනේ,..මතක තියාගන්න දැන් කළුවර වෙන්න පුලුවන් ඒත් ඒක හැමදාටම නෙවේ රාත්රිය ගෙවෙනකම් විතරයි....ඉතින් දැන් ඉස්සරහට තියෙන්නේ එළිය වැටෙන කාලය...ඒනිසා හදිස්සි නොවී දුක් නොවී ඉමු.... (Y)
මට ආසයි හිනැහෙන්න මුළු ජිවිතේ
Delete