අපේ මතකය කඳුළු වුවා...
ඇත දිනක නුඹ
මැත සඳ වී
මගේ ලඟ
ආදරෙන් උන්නා......
පාළු හිත ලඟ
සෙනෙහෙස ගඟ සේ
නුඹේ හිත
පෙම් සිසිල දුන්නා....
හින කතන්නදර
කෝල නුවන් ලඟ
නුඹ ඇවිත්
ඉඟි බිඟිද පැවා.........
නුඹට මං හිමි
මටද නුඹ හිමි
සොඳුරු ලෝකය
අපේම වුවා....
සඳුගේ තනියට
තරුත් ඇවිදින්
අහස් ගැබ
මල්වරද වුවා
අපේ පෙම ලඟ
නුඹද මට විය මටද නුඹවිය
හිත් තැවුල් ලඟ
නැතුව තුබුනා
අහස එළි කල
සුපුන් සුදු සඳ
කිසිත් නොකියම
දුරක ඇදුනා
නුඹට හිමි නැති
මටත් හිමි නැති
අපේ ලෝකය
කඳුළු වුවා
නුඹත් හිමිනැ
මටත් මං නැහැ
කඳුළු පමණක්
මතක වුවා
අපේ මතකය කඳුළු වුවා.....
______________________________________සෂි-.
සිතුවිල්ලෙ අන්තර්ගතය දුකක් උනත් සිතුවිල්ල ලස්සනයි :)))
ReplyDeleteස්තුතියි මදාරා
Deleteහත් ඉලව්වේ .. මල කෙලියක් වෙන්නේ ස්පෑම් එක නම් , බ්ලොග් එක ප්‍රොමෝට් කොරගන්න වෙන්නෙත් නෑ එක උනොත් නම් ,
ReplyDeleteම්ම් , ලින්ක් එක දාද්දි https එක්ක දාන්න බලන්න , ඉතාකොට ගොඩක් දුරට හරි යයි ,
ආ බ්ලොග් පොස්ට් එක මොකෝ මේ කදුළු කතා ?
ස්පැම් වෙන එක හදා ගන්නේ කොහොමද? මට බොඩ්ඩක් කියලා දෙන්නකෝ
Deleteලස්සනයි වෙනද වගේම :)
ReplyDelete