Friday, August 3, 2018

අකිකරු සඳ

අකිකරු සඳකට
රහස් කොඳුරනු නොහැකිව
කවි පෙලක් ලියවෙයි
නුඹෙ සෙනෙහෙ සිහිකර

නාදුනන හැඟුම් අහුරක
හැංගිලා ඇති සෙනෙහස
තව තවත් දළුලයි
ආදරේ ඉතිරෙන්නම

සංසාර පොත පුරාවට
නුඹ නමට කැප කර
ආදරේ පතමි මම
සෙනෙහසින් හැම දිනම....

කළුවර හීනය

Tuesday, July 31, 2018

සෙව්වන්දි ය.....





මතකයන් විතරක්ම
වැලලිච්ච හද සුසුනායක
ඉදහිටත් පිපිනෙවා මිනිමල් සුවඳලන
මගේ හද මැදුර තුල තාම සුවඳයි 
ඉතිරි වි ගිය නටඹුන් ප්රේමය

සෙව්වන්දි ය..... 
අහෝ; තාමත් සිහිනයකි මට
අපේ පිය සටහන් තමත් එහෙම්මමයි 
කිසි වෙනසක් නැතිව
ආගියපු මඟ තොටක වැලලිච්ච සුවඳ
මිහිදන්ව ඇතිද තව වැලි තලා යටට වී

සෙව්වන්දිය....
කෑ ගසයි.... ගිගිරුම් දෙයි 
දෙකන් කීරී ගැහැනෙ සද්දෙට 
වේදනාවෙන් පිරි යයි
අහෝ ප්රේමය;
නුඹ කොහෙද අද
වැලලිලා ගිය මතක වැල්ලේ 
කොහේ සැඟවුනිද නුඹ

රිදෙන පැගෙන මතක අහුරක්
වැල්ලට මිහිදන්ව යා නොහැකි කල
මිනි මල් තව පිදේවිද 
හද සුසානය සුවඳ කරනට........

කළුවර හීනය