Thursday, May 24, 2018

නාදුනන හැඟුම් අහුරක්

නාදුනන හැඟුම් අහුරක් වෙති
හිතේ මුල්ලක හෙමින් සැඟනුව
කිසිත් නොදොඩා තනිව සැනහෙයි
රිදෙන බව දැන දැනම හද වෙත

සෙමින් කොඳුරන සුසුම් ගොන්නකි
හිතේ දුක් අදේනාවකට කන්දෙන
⁣කිසිත් නොසිතා තනිව හිනැහෙයි
පෙනෙන බව දැන ලොවට කඳුලම

ඉතිරි වි ගිය මතක අහුරකි
හදේ මුල්ලක සිරව ඉකිලන
කිසිත් නොපතා තනිව මොරදෙයි
දුකම උහුලනු බැරිව හැමදින

කළුවර හීනය
2018-05-23

Wednesday, May 23, 2018

හැඟුම්......


මෙපමණක් යැයි මැනිය නොහැකිව
සදාදර සෙනෙහසක් හිතේ හංගන්
දාරා සැනසෙමි නුඹේ නාමෙන්
ලැබෙන ගැරහුම් ජිවිතේන් මං

නුඹට අවැසිව නුඹේ නමටම
කැපකරන් මම මගේ ප්රේමය
පතමි දිවියක් තව තවත් සුන්දර
ජිවිතේ දුක් තැවුල් නැතිවුන

වේහෙසකර හැම හුගුම් පිටුපස
ඉකිගසයි මගේ හිතත් හොදටම
නොහැගුනි නම් නුඹට ඒ බව
කමක් නැ ඉවසන්නෙමි මම තව

කළුවර හීනය

Saturday, May 5, 2018

යලිත් නුඹ ඒවි නම්




නුඹේ නමට ලියැවිච්ච
දුක පිරැණු මතක වල
වරැ ගණන් සොයමි මම
සැඟවිච්ච අපේ පෙම
අහසේ දරා ගමි

හදක රැඳි සෝ ගින්න
ප්රේමයේ නාමයෙන්
නුඹ කෙරෙහි ඉපදිච්ච

යලිත් නුඹ ඒවි නම්
දුරලන්න ඝණ අඳුර
පිලිගනිමි ආදරෙන්
අර ඉස්සොරො වාගේම...

කළුවර හීනය

Wednesday, April 25, 2018





හිත් අහසට රහස් කියන
හිරැ මිලිනව යන සවසක
නුඹගැන මතකය අහුරක්
විසිකරලන්නම්. ....
නුඹේ මතකය අහස් ගැඹේ...
සඟවාලන්නම්