Wednesday, June 19, 2013

තවත් පෙම් කවි ඇයිද නුඹටම

උහුලගන්නට බැරිම මොහොතක
දෙඇස් දියවි කඳුළු වෙන බව
මිසෙක යලි මල් පෙති සිඹින්නට
එපා සමනල් රැල මේ ඉසව්වට

අහිමි සඳ ලඟ තබා හිත මම
පෙමින් එක්කර දෙඅත් ලඟටම
නුඹට - මම හිමි නොමැති බව දැන
පෙම් කලා තව තවත් රහසෙම

සොයමි මම නුඹ පාළු රැයම
දෙඇස් විහිදා පාළු අහසේම
දුරයි නුඹ මගේ හිතට හොදටම
තවත් පෙම් කවි ඇයිද නුඹටම

Friday, June 14, 2013

මඟබලා හිදිමි නුඹ එනතුරා

වළාකුළු මල් පෙති වලින්
වසා නෙතු නිල් නුවන්
මඟබලා හිදිමි මම
නුඹේ රුව එනතුරා

කඳුළු මල්  කලතා හිතින්
මතක පැන්දිය ගෙන‘තින්
දොවා සිත් මඩල මම
ඉකිගසමි හද පාරවා

හද අසිනි වැසි ඇද වැටි
සඳ දියට දුක හාදු දි
පෙම් නදිය දොගාඩම ගලයි
තුන් සිතම අද ඉරිතලා