Tuesday, February 12, 2013

නුඹ අනන්තයි



නිදාගන්න කියලා හිතාගෙන මම ඇඳට ගොඩවුනා...එත් නින්ද අහලකවත් නැ..ඇසි පිය හිනයට පියවුනත් නින්ද ගලාගෙන එන්නේ නැ
මම ඇඳේ කෙලවරකට විසිකරලා දාලා තිබ්බ ෆොන් එක අරන් වෙලාව බැලුවා වෙලාව රෑ 12ත් පහුවෙලා

නිදාගන්න ඔනේ මට නිදිමතින් ඇසි බෙරෙනවා..ඇස් රිදෙනවා..එත් නින්ද මගේ අහලක වත් නැ
ඇස් වලට නිදාගන්න ඔනේ වුනත් හිතට නින්දක් ඔනේම නැති තරම්

මම ඇදෙන් බැහැලා පොත් මෙසය ලඟින් වාඩි වුනේ නිදි නැති හිතේ නලියන හැඟිම් ඔක්කම කොලයකට දානවා කියලා හිතාගෙනයි...ඩයරියත් පැනත් මගේ ලඟම යාළුවො
හිතේ තියන හැමදේම මම හංගන්නේ නැතිව කියලා දාන්නේ මගේ ඩයරියට විතරයි
අන්තිමට ලියපු පිටුව පෙරන් මම අකුරු අමුනන් පටන් ගත්තා...
 හිත වෙලාගෙන තිබුන කළු වලාවන් ඔක්කම මම එක හුස්මට ලියාගෙන ලියාගෙන ගියා
ලියනවානම් මට පිටු ගනන් පොත ඉවර වෙනකම් වුනත් ලියන්න පුළුවන් ...එත් හිතේ තියන දෙවල් ලියුවා කියලා හිතට කො නිදහසක්
රිදුම් දෙන මතකයන් එක්ක හිත තවත් රිදෙන එක විතරමයි වෙන්
 

දැන් වෙලාව පාන්දර 1ටත් කිට්ටුයි
එත් මම තාම හිතට වද දිදි හිතන්නේ අකුරු අමුනන්නේ එකම පුද්ගලයෙක් ගැන..කම සිතුවිල්ලක් එකම හැඟිමක්...
 එකම පුද්ගලයෙක් එකම ජිවිතයක් එකම කඳුලක්....

හම්ම්ම්ම්

හිතත්දිත් හරිම පුදුමයි 
කෙනක් අපේ ජිවිතේට එන එක.. කෙනෙක් අපේ ජිවිතෙන් වැදගත්ම භුමිකාව රඟපාන එක... කෙනෙක් අපේ ජිවිතෙන් සමුඅරන් යන එක...මේ හැමදේම වෙන්නේ හිතන්නෙවත් නැති තරම් ඉක්මනින්

මම තාම හිතනවා
අපේ හමුවිම
අපේ හදුනාගැනිම
අපේ වෙන්විම

හම්ම්ම්ම්


හරිම පුදුමයි.. 
ජීවිතෙකින් කෙනෙක් අයින්වෙලා යන එක, එක තත්පරයකින් සිදුවෙන දෙයක්..
කෙනෙක්ට ජිවිේකට එන්න ේතුවක් ොතිබුනත් අවෂයතාව මත අයින් වෙලා යන්න ේතු දහක් වුනත් හදාගන්න පුළුවන්... ඒත් එහෙම අයින්වෙලා යන අය ගැන සිතුවිලි ඒ තරම් ලේසියෙන් අයින් වෙලා යන්නේ නැ..තත්පරෙන් තත්පරේ ඒ සිතුවිලි හිතට වද දෙනවා..දාහක් සිතුවිලි.. බිඳුණු සිතක් අස්සේ.. සැරින් සැරේ පාරනවා..
ඇත්ත..
 ඒ සිතිවිලි හරියට කැඩිච්ච වීදුරුවක කැලි  අතින් පිරිමදිනවා වගේ දෙයක්.. ඒ හැමසැරේකම හම ඇතුලට විදනාව පසරුකරන් ගිහින් තුවාල වෙලා ලේ ගලනවා.. තුවාල පිරුනු අතින් ආයෙමත් විදුරු කැලි අල්ලනකොට තුවාල අයෙමත් පැරෙනවා....ඒ  තුවාලේ ආයේ ආයේ පෑරෙනවා.. 

මගෙ හිතත් එ වගේයි
කොච්චර හිතන් අමතක කරනවා කියලා හිතුවත් හිතන්නෙවත් නැති ඉක්මනින් ඔයාව මතකයට එනවා
හම් හිත රිදවෙන්නේ හිතන්නෙවත් නැති වෙගයකින්
හිතේ තියන තුවාලය පැරිලා ආදරේ ලේ හැඟිම් බේරිලා යන්නේ හදවත පසාරුකරන්


මුළු රාත්‍රියම හරිම නිෂ්ශබ්දයි
එක එක සිතුවිලි මනස සිසාරා යනවා
නුඹයි මායි මවපු අනාගතය

හම්ම්ම් 

අපේ අනාගතය මට තාම මැවිලා පෙනවා..අපි ොච්චරක් නම් වරු ගනන් පැය ගනන් අපේ අනාගතය ගැන හීන මවන්න ඇතිද
එත් නුඹයි මායි මවපු එ අනාගතය නුඹ හීනයක්...
කළුවරම කළුවර හීනයක් කලේ වචන හතරකින්

මට උඹව දැනෙන්නේ නැ

මට තාම දොන්කාර දෙනවා
එත් මොනා කරන්නද
මගේ ධෛවය මගේ ලැබිම කියලා හිතහදාගන්නවා වෙන කරන්නම දෙයක් නැති කමට

එත් මම තනිවෙන හැමවෙලෙම මම මගේ මනසින් අනාගතය අතිතයක් විදියට හීනයක් දකිනවා
හම් 
නුඹයි මායි හිටිය අතිතය අනාගතයක් විදියට

ආයමත් අපි හම්බවෙවිද
නැ
එත් හම්බවෙයි
කොහොමද
කවදාද
ඇත්තටම හම්බවුනොත්....මම මොනාද ඔයාට කියන්නේ...ඔයා මට මොනවා කියයිද


එදාට දෙන්න මම උත්තර දැන්ම ඉඳන් ලැහැත්ති කරනවා
්‍රේම රන්ගන භුමිකාේ චරිතය අද මම හිතින් තනියම විදිනවා....නියම මවනවා
 
වෙන සිතුවිල්ලක් හිතට එන්නේ නැති වෙන තරමටම අරක් ගත් නුඹෙයි මගෙයි අනාගත හීනය...
ඇත්තමයි තවමත් හිතට වද දෙන විදියට නුඹ මේ හිත වසාගෙන ඉවරයි...
ඇස් පියවුනත් මම ඇස් ඇරැන් මම එ හීනය බලනවා
මම නොදන්නවා නෙවෙයි එක හැබැනොවෙනවා කියලා
එත් හරි ආසාවෙන් මම එ හීනය බලනවා දකිනවා


අනේ මන්දා නුඹෙයි මගෙයි හමුවිම හරියට හීනයක්..තවමත් මට හීනයක්...මේ වෙලාවට තමයි ෆල් මුඩ් සින්දුවක් අහන්න හිතෙන්නේ
එතත් සින්දුවක් ඇහුවොත් මම 100%ක්ම අප්සට් වෙනවා මම එක නොදන්නවා නොවෙයි
එහෙම වුනොත් මම දැන් පැනත් එක්ක හදාගත්ත සම්බන්ඳය බිදෙන්න යන්නේ තත්පරගානයි

හිත් අස්සට එබිබලන දහක් සිතිවිලි වලට වත් මට නුඹව නුඹේ මතකය අමතක කරන්න බැ
තාමත් බැ
මම දන්නවා ඉස්සරහටත් බැ
එත් මම හිතන්නේ ඉල්ලන්නේ එකම එක දෙයයි
මට ඔයාව අමතක වෙන්න කියලා විතරයි..මගෙ හිතින් නුඹ සදහටම සමුදෙන්න කියලා විතරයි

මට ඔයාව අමතක වෙන්න!!!!

එච්චරයි
එත් නොවෙන්නෙත් එච්චරයි


මතකයන් ගුලි කරමි
යලිත් නොයිපදෙන ලෙසට
නුඹට ඇවිදින් යන්න
 තහනම්ය මගේ හිතට
එපා නුඹ - මා එ රුදුරු අතිතය
එපා නුඹ -මා කඳුළු අතිතය
මට රිදුම් දෙන කටුක අතිතය



 ---------------------------------------------------------------





Friday, February 8, 2013

අනේ සත්තයි තවත් හිනැහෙමි එදා අපි හමු නොවුනනම්






සිනහා රැළි ලඟ කඳුළු ඇවිදින් හිතට රහසේ නැවතිලා
නෙතට කඳුලැලි උනයි හෙමිහින් දෙඇස් රහසින් නලවලා
සුසුම් ඇවිදින් ලඟින් නැලවෙයි නුඹත් කොහෙදො පිටවෙලා
ලොවට රහසින් කඳුළු අමුණමි මම මගේ ලොව තනිවෙලා

හීනයක් ලඟ ලැඟුම් ගත් හද මටත් රහසෙම වියැලිලා
හිනයක් නැති නෙත් අඟිස්සක කදුළු ඇවිදින් තනිවෙලා
එදා සඳ මෙන් පිදු හදවත කොහෙදො අද පිටවිලා
අදුර ඇවිදින් ඉකිබිදින විට තරුත් තනියම හැඩවිලා

පිදු සෙනෙහස මකයි තනිකම මතකයන් ලඟ හිනැහිලා
සිනා පිරි මුව ගෙනෙයි සුසුමන් කදුළු ඇස් ලඟ නැවතිලා
මතකයන් ලඟ හිදිමි තනියම හිතින් සැමදා හිනැහිලා
එදා අපි හමුනොවුනනම් තව නම් හිදිමි සතුටින් හිනැහිලා









__________________________________________________________


කාලෙකට පස්සේ මම සඳසක් ලිව්වේ
හිතේ කොයිතරම් දෙවල් තිබ්බත් ලියාගන්න බැරි තරමටම මම ගොළුවෙනවා සමහර වෙලාවල් වලට
එතරමටම හිතේ කඳුළු මතකයන් හුඟක් පිරිලා
වෙලාවක් ලැබුණු ගමන් මම මගේ මතක කාමරය සුද්ද කරලා දානවා
ගද ගහන වගේම සමහර සුවඳ හමන මතක කුණු හුඟක් එ කාමර ඇතුලේ පිරිලා
අවුරුදු ගනන් පරණ ... වගේම ඊයේ පෙරෙදා පරණ වුන
හුඟක් ඇත අතිතේට දිවෙන ... අළුවත් අළුත්... වගේ මතක කුණු හුඟක් ඇහිරිලා තියන මගේ  මතක කාමරය ආයෙ කවමදාකවත් කුණු එකතු නොවෙන විදියටම සුද්ද කරන්න කාලය ඇවිත්
ලඟදිම දවසක මගේ මතක කාමරය සුද්ද වෙයි
එත්

හිත ගොළු වෙන එකම එක වදනක් විතරක් ඉතුරු වෙලා


එදා අපි හමුනොවුනනම් තව නම් හිදිමි මම සතුටින් හිනැහිලා