Tuesday, January 29, 2013

මරණය......

නොයිඳුලේ ඉපැදුන
මගෙ පිවිතුරු
ප්‍රේම පුජාසනය
නුඹ
කිලිටි කෙරුවේ
වචන තුනකිනි


‘‘මට උඹව දැනෙන්නේ නැ‘‘


මට මාවද  නැතිවෙන තරමටම
තවමත් දොලනය වෙයි
උඩුකුරුව
මගේ මනස සිසාරා
එ වදන්.....

නැවතුනෙමි
මම
එදා නුඹ මා නවතා තැබු
කතාවේ තිතක් ලෙසින්
අදටත්

තවතමත්
මම එතැනමය



ත්කින්

මටත් දැන් නුඹව දැනෙන්නේම නැති තරම්ය

Monday, January 28, 2013

මම මාරම ආසයි ලු ඈ


සැන්ඩි නැති
කලවම් නොරපු
විස්කි විදුරුවකට
පිවිතරු ආදරේ
මත් වියරුවෙන්
එකතුවෙන් මත්වුන
නුඹේ
එකම එක
හුස්ම රැල්ලක්
එකට එකතු කරලා
එක හුස්මට
ඇස් පියාගෙන
බිගෙන බිගෙන යන්න.....

මගේ ලේවලට මුසු වුන
නුඹෙත් මගෙත් ප්‍රේමයේ
එක රධිර ධාරාවක් අරන්
අයිස් කැට වැඩියෙන් දාපු
විස්කි විදුරුවක් එක්ක
එක හුස්මට
බිගෙන බිගෙන
යන්න

නුඹේ පණ පොඳක් රැඳුණු
සිගරට් කොටයක්
උරමින්....
ආදරේ මත් රුධිරය
එකතු කරපු
විස්කි විඳුරුව බොන ගමන්
නුඹේ ආදරේ සුවය
දුම් රැල්ලකට අරගෙන
එක හුස්මට පිටකරදාන්න....

මම
මාරම ආසයි ලු ඈ