Monday, November 26, 2012

අම්මේ නුඹ නැති දිවිය පාළුයි එන්න හනිකට දැන්

නොලැබෙන සෙනෙහෙකට මම කවි වැල් අමුනන්නේ කෙලෙසෙකදෝ...
_______________________________

සිහිනෙන් සොයන්නම් නුඹේරුව මට දුරක නිසා
හැඟුමන් පතන්නම් තනිකම මගේ ලඟික නිසා
කඳුලැලි සලන්නම් සොනෙහස මට අහිමි නිසා
නුඹ තව පතන්නම් මම නුඹේ දුවනියක නිසා

ඇසට නොපෙනෙන මායිමෙ හිද නුඹේ සෙනෙහෙ මම පතනවා
හිතට නොදැනේන සිතුම් අතරින් මම නුඹව තව යදිනවා
කණට නොඇසෙන දුරක හිද මම නුඹව සවන් තව සොයනවා
අපිට නොපෙනෙන යදම් අතරින් මවිනි මම තව හඩනවා

හැඟුම් අතරන් නුඹට නොසිතෙන මොහොතකුත් වෙයිනම්
පැතුම් අතරින් නුඹව නොහැගෙන පැතුම් නැහැ මට දැන්
මටම හිමි නැති ලොවක් අතරින් නුඹම පතනෙමි දැන්

අම්මේ නුඹ නැති දිවය පාළුයි එන්න හනිකට දැන්

Thursday, November 22, 2012

මම මගේ ලොව හැමදා තනිවෙනවා

නුඹ නිසා වැටෙනා කඳුලැලි පසා
හදවත තවමත් රිදවනවා
ඔය නෙතු තුල මා දැහැනේ වැදිලා
හිත නිතරතුරු තව විමසනවා

සිල් සුවඳ හමනා මුදු පෙම් සිහිලේ
මම තාමත් සැඟවි නැලවෙනවා
ඔය නෙතු අමතක වෙනතෙක් හදවත  

නිතරුවම තව විමසනවා
නොපිරු පෙරුමන් නොපැතු පැතුමන්
තවමත් මතකය දළුලනවා
ඒ සිනා ලඟ නුඹ හිනැහෙයිනම්
මම මගේ ලොව හැමදා තනිවෙනවා