Tuesday, August 21, 2012

යසෝ....නුඹ....සහ මම.....

හිතින් පෙම් බැන්දාත්
ලඟින් හිඳ පෙම් කෙරුවත්
නුඹත් ගැහැණියෙකි
මමත් ගැහැණියෙකි

යසෝ...

පෙම් කලේ අපි දෙදෙන
පිරිමි මනුස්සාත්මයකට....

සුව වින්දේ අපි
හදවතින් ප්‍රේමාදරය
රැවටුනා

යසෝ
නුඹ

ඒ ආදරයටම...
රැවටුනා
 
මම

මගේ ප්‍රේමාදරයට...
 
නුඹත් අසරණයි

එදා
තනිවම නොව
පුංචි රහුලයන්ද සමඟින්ම..

මමත් අසරණයි අද
 
තනිවම නොව
මගේ අසරණ හිතත් සමඟින්ම...

රැවටුනේ අපි
ආදරෙන් නැහැවුන
පිරිමිකම රජයන
පිරිමි මනුස්සාත්මයකට

වෙනස

සිදුහත් හැර ගියත් යසෝ නුඹව
අන් ලඳ සිටියේම නැත කොනක

මහැර ගියක් මගේ පිරිමි ප්‍රේමාදරය
නැවතුනු කොනක
සිටිනවා තවත් ලඳක් නතරව
සිනහවෙන් නැහැවෙමින්...

ඉතින්
අපේ කාලේ යසෝදරාව
නුඹ
සහ
මම

බැමි ලිහන එකම තැන...



(මුලාශ්‍රය  -  මගේ සොයුරියකගේ කවි පෙලක්)

Monday, August 20, 2012

හද සසල කළ දසුන්......

මේ පින්තුර මම ගත්තේ දෙසවන් සමිරගේ  නුතන මානවයා එෆ් බි ප්‍රෙෆයිල් එකේන්....මට ටැග් වුන පින්තුරයක්....
මේ පින්තුරය මාතෘකා කරලා තිබුනේ
සිඳී ගිය දා එඩි ගත
වැහැරී ගියේ නුඹේ ගත
පිහිට නැත අද සව් සත
එනිස නුඹ තව ගල් පඩි මත

මේ පින්තුර හරිම හැඟුම් බරයි...
මම මේ පින්තුර දැක්ක විදිය...ඇත්තටම හද සසල කල දසුනක්.....


වියැකුනු දිවිය
මහළුය අද මම
නොමැතිය සවිය
එහෙත් නොවැටි සිටිමි මම
ගෙවුනත් දිවිය
මෙ නොසැලෙන
පඩිය මත
පතන්නට
තව දිනක්
තියෙවිද මට

අසරණයි මම
මගේ තනිකමත් සමඟින්ම
නොසැලි ඇත්තේ මෙමට
මගේ වියැකුනු තරුණකම පමණයි තව ..