අකුරු ගලපා
සිතැගි නලවා ලියු පෙම් කවි අහුලලා
සොඳුරු සිහිනෙක රටා මවනා නීල දෙනුවන් දෙස බලා
හදේ රැව්දෙන ගැස්ම හෙමිහිට නුඹේ නමටම ගලපලා
හැඟුම් ඇහිදා ලිව කවියේ තාලේ කොහෙදො හැන්ගිලා
අහස සරසන තරු මලක් ලඟ සඳ ඇවිත් අද නැවතිලා
මතක මළුවේ පෙම් හිතක් ලඟ නුඹත් කොහෙදො හැන්ගිලා
කතා නොකියන පෙම් කතාවක පෙම්වතුන් ලෙස හිනැහිලා
ආදරෙන් හිත ආල වැඩු හැටි කඳුළු දෙනුවන් තෙත්කලා

දෙඇස් අද්දර හීන
මැවෙනා සුපෙම් හදවත දකිනෙමයි
හදේ ගැස්සෙන තාලේ සිහි කර තවත් කවි පද ගලපමි
මගේ නොවුනත් සොඳුරු හිනෙට තවත් සිතුවම් අමුණමි
ලඟක නොරැඳි දුරක ඇදුනත් නුඹට පෙම් හිත පවරමි
හදේ ගැස්සෙන තාලේ සිහි කර තවත් කවි පද ගලපමි
මගේ නොවුනත් සොඳුරු හිනෙට තවත් සිතුවම් අමුණමි
ලඟක නොරැඳි දුරක ඇදුනත් නුඹට පෙම් හිත පවරමි
_ කළුවර හීනය__
-------------------------------------------------------------------------
ඔන්න කළුවර හීනය බලන්න එන හැමොන්ටම කියන්න අලුත් පනිවිඩයක් තියනවා... එ තමයි ටික දවසට මම හැමදේකින්ම ඇත් වෙනවා..
ඇත්වෙනවා කියන්නේ හැමදාටම නෙමෙයි ඉක්මනින් එන්න බලාපොරොත්තුවක් හද කොනක තියාගෙන.....යන්නේ නම් හිතේ කැමැත්තකින් නෙමෙයි එත් යන්න ඔනේම නිසා.. වැඩි ඇතකට නොවුනත් ඒත් ටික කාලෙකට විතර හැමොන්ගෙන්ම දුරකට.. මගේ රැකියාවේ පුංචි වෙනසක් වුනා..එක නිසාම මට ලංකාවෙන් ටිකක් ඇතට යන්න වෙන්නවා.. අවුරුදු 4කට වගේ මේ පුංචි කාලයක්
හම්ම්ම් පුංචිමත් නැ...
හැමදේම වෙනස් වෙන්නත් පුළුවන් නැත්තනම් මේ තියන විදියට තියෙන්නත් පුළුවන්... මොනා වුනත් සයිබර් බක් මහා උළේලයි ගෙට්ටුවයි නම් මට මඟහැරෙයි එගැන පුංචි දුකකුත් තියනවා... කියන්න හුඟක් දෙවල් තිබ්බත් න් එ හැමදෙයක්ම හදවතේ කොනකම රඳවලා මම යන්නේ පරිස්සමට..
එහෙමනම් ඉතින් මන් යනවා කියන්නේ නැ එත් ලඟදිම එන්න බලාපොරොතුවෙන් ගිහින් එන්නම්
:)
එහෙමනම්