Monday, January 28, 2013

මම මාරම ආසයි ලු ඈ


සැන්ඩි නැති
කලවම් නොරපු
විස්කි විදුරුවකට
පිවිතරු ආදරේ
මත් වියරුවෙන්
එකතුවෙන් මත්වුන
නුඹේ
එකම එක
හුස්ම රැල්ලක්
එකට එකතු කරලා
එක හුස්මට
ඇස් පියාගෙන
බිගෙන බිගෙන යන්න.....

මගේ ලේවලට මුසු වුන
නුඹෙත් මගෙත් ප්‍රේමයේ
එක රධිර ධාරාවක් අරන්
අයිස් කැට වැඩියෙන් දාපු
විස්කි විදුරුවක් එක්ක
එක හුස්මට
බිගෙන බිගෙන
යන්න

නුඹේ පණ පොඳක් රැඳුණු
සිගරට් කොටයක්
උරමින්....
ආදරේ මත් රුධිරය
එකතු කරපු
විස්කි විඳුරුව බොන ගමන්
නුඹේ ආදරේ සුවය
දුම් රැල්ලකට අරගෙන
එක හුස්මට පිටකරදාන්න....

මම
මාරම ආසයි ලු ඈ

Sunday, January 27, 2013

නුඹට අහිමි සඳවතියයි මං



නුඹයි සුපුන් සඳ කිරණ
අහස් තලයේ
රැඳි කළුවර
එළිය කරනා සඳ
මමයි තරු කැටය
සඳ ලඟින් රැඳි විත්
රෑ පුරා අහස් ගැබ
ලඟ හිදන් දුක කියන
නුඹයි මගේ සඳ එළිය
අඳුරු හිත් අහස ලඟ
සඳ කිරණ විහිදුවා
එළිය කරන්නට හදන
ඉතින්
මගේ නොවෙනා මගේ සඳ නුඹ
රෑ එළිය කරන්නට
සඳක් සේ වැඩිය නුඹ
එපා සඳ කිසි දිනක
අමාවක කරන්නට