පාර පෙනෙනා ඉසව්වක් වෙත
ඇවිද යමු අපි අපේ ලොව වෙත
පුරුදු හසරැලි අරන් මුවඟට
නුඹේ අතගෙන මා- මගේ අතගෙන නුඹ
පුරුදු සඳ පානේ...
නොනිමි සෙනෙහස හද පුරොගෙන
ඉතින් තනිවෙමු අපේ ලොව ලඟ
පුරුදු සෙනෙහස හිතින් විදගෙන
නුඹේ සෙවනේ මා - මගේ සෙවනේ නුඹ
පුරුදු සඳ පානේ.
මලක් පිපිලා සුවඳහමලා
දසත විහිදි රේණු නැටුවා
මලේ සුවඳට බඹරු ලන් වි
හොරෙන් මත් වි රසය ඉරුවා
පෙති විහිදා සුවද පතුරා
මලේ ලස්සන ලොවට පෙනුනා
බබරු ඇවිදින් රසය උරලා
මලත් තනිකර ඉවත දිව්වා
දසද හමනා සුවඳ වැඩි වි
මලේ තනිකම ලොවට පෙනුනා
තිතක් නොවු ඒ රස ගගුල ලඟ
බඹරු හැමදා ලැඟුම් ගත්තා
මලේ රස හැම බඹරෙකුම වින්දා