Wednesday, January 16, 2013
Tuesday, January 15, 2013
අපි අපේ වෙමු පුරුදු පරිදිම...
සෙනෙහසකට අරුතක් පුරවන්නට
ඇතිගිලි බැඳගෙන නුඹත් මමත්
සසර ගමනේ පුරුදු ලෙසටම
ඇවිද ආ දුර .. දුර වැඩි තව
දැගිලි පටලන් ඇවිද යමු අපි
සසර හමුවන තුරම මඟ දිග
හමුවෙනා තෙක් නුඹට - මට
එත් ඒ කවදාද නෙදනිමි මම තව...
නුහුරු මඟකදි පුරුදු ලෙසටම
හමුවනත් නුඹ මම පුරුදු විලසට
අපිට අපේ වි හිදින්නට නම්
ලොකයෙන් නැ ලැබෙනු අවසර
ඉතින් යමු අපි තවත් දුරකට
ලොවෙන් සැඟවි අපේ ලොවකට
තනිවෙනා එක මොහොතකදි වුව
අපි අපේ වෙමු පුරුදු පරිදිම...
Subscribe to:
Comments (Atom)

