Sunday, January 13, 2013

කවිය නුඹ....

කවිය නුඹ........

හිතේ තෙරපෙන හැඟිම් මම කොච්චරක් නම් අකුරු වලට පෙරලන්න ඇතිද...
පිටු ගනන් කොච්චරක් නම් ලියන්න ඇතිද..
හිතට දුකක් සතුටක් පාළුවක් තනිකමක් දැනේන හැම වෙලාවකම මට මගේ ලඟින් හිටියේ කවිය නුඹයි....

අයාලේ ගිය සිතුවිලි..හිතට වද දෙන මගේ ම අකිකරු කවි...මගේ හිතේ තියන හැමදේම හැඟිම් වලට හරවන්න උදව්වවුනා...
ලඟින් කාත් කවුරුවත් නැති වෙලාවට
මට හිර කරන්න ඉන්න බැරි මගේම අකිකරු හැඟිම් අකුරකට පරිවර්තනය කරපුවාම හිතට කොච්චරක් නම් නිදහසක් එනවාද
මම ඒ නිදහස අද උපරිමෙන්ම විදිනවා

ඒ කවි කම මගේ අකිකරු අකුරු වලට ඇකිකරු කවි වලට
මම මටත් වඩා ආදරෙයි....හැමදාමත් මට මගේ ලඟින් හිටියේ නුඹයි
ඒ මගේ කවි කමයි....

------------------------------------------------------------------------------------------------
කවිය නුඹ
මගේ හිත නිවුව තරම්
මගේ හිත රිදවුව තරම්

කවිය නුඹ
මගේ පාළුව මැකුව තරම්
මගේ හද හැඳිනුව තරම්

කවිය නුඹ
මගේ සිත කියවුව තරම්
මගේ ඇස් හිනැහුව තරම්

කවිය නුඹ
මගේ ලඟ නුඹ සිටිය තරම්
මගේ සිත සැනසුව තරම්

කවිය නුඹ
මම නුඹට පෙම් කෙරුව තරම්
මම නුඹේ වුව තරම්

කවිය නුඹ....

Friday, January 11, 2013

ඉක්මන් සනිප වෙන්න අම්මේ...........


කඳුලු ඇවිත් දෙනෙත් තෙමමින්
හදේ ගැඹුරුම තැනට රහසින්
නුඹෙන් වැටෙනා කඳුලු දකිමින්
හිතින් සරදම් විදිමි රහසින් 
පාරවයි මගේ හිතම නෙතඟින්
නුඹේ කඳුලැලි මගේ හිතඟින්
වැටෙන බිඳු බිඳු සිසිල සමඟින්
මමත් විදවමි නුඹත් සමඟින්

තවත් රිදවුම් දවයි හදකින්
නුඹේ කඳුලැලි වැටෙන සැනෙකින්
උහුල ගන්නට නොහැකි හිතකින්
පතමි සුව මම නුඹට යෙහෙකින්