Sunday, January 6, 2013

අපිට අපි හිමි නැ ඉතින්






ඔය හිතට ලංවි මම එදා
සෙනෙහෙ පැතුවා මහමෙරක්
දුන්න හිත බර වැඩිද මන්දා
කඳුළු බේරි ඇස් අඟින්

තාම සෙයනවා 
මම  මගේ හිත
මටත් අයිති නැ ඉතින්
යලිත් කෙදිනක නොලැබෙනා ලෙස
දුර ගිහින් නුඹ
හිත අරගෙන ගිහින්

පාරවයි මගේ හිතම තනියම
දුකක් ආවත් මට ඉතින්
මමම විඳවමි
දුකින් වැලපෙමි
ආදරෙයි මම තව ඉතින්

හිතට හිත ලං වෙලා පෙර දා
මැව් ලෝකය අපි ඉතින්
රිදුම් දෙයි දැන් මතකයන් ලඟ
වෙන්වෙලා යමු අපි ඉතින්
අපිට අපි හිමි නැ ඉතින්





කඳුළු බිඳු ඇයි මේ තරම්....





කඳුළු බිදු මේ තරම්
නපුරු ඇයි නෙත් ලඟින්
වවා ගන්නට නොහැ තරමින්
කඳුළු වැල් ඇඳ වටෙයි හෙමිහින්

සුසුම් වැල් මේ තරම්
නපුරු ඇයි හිත ලඟින්
උහුලගන්නට නොහැකි තරමින්
සුසුම් වැල් දඟලයි හිත යටින්

පෙම් සිතක් මේ තරම්
දුක් විදිනු ඇයි පෙම ලඟින්
උහුලනා දුක් සුසුම් අතරින්
හිතම පරවෙයි පෙම මතින්