Monday, December 24, 2012

මම මියැදෙමි නුඹේ මතක ඉසව්වෙන්




වරදින් නුඹ මා හමුවුනු මේ භවයේ
දුක සුසුමන් හද කොන රැදිලා තිබුනා
නුඹේ අත ගන්නට පින් කෙරු තරමට
වෙන් වෙන්නම් දුක හද ලඟ තනිකරලා

සිතකින් සිතකට දුක උරුමයි දැන්
නෙතකින් නෙතකට කඳුලැලි වැටිලා
හදින් දරාගෙන වෙන්වි යන්නම්
දුක් කඳුලැලි දැන් හද මගේ රිදවාලා

නොසිතා ලතැවි හද හැඟුමන් දැන්
මසිතින් දුරගොස් කඳුලැලි උනලා
තනිකම තනියට නෙතු හඩවයිනම්
මම මියැදෙමි නුඹේ මතකය මකලා

Sunday, December 23, 2012

අයේ හමුවෙමු අපි





වෙන්ව යන්නට
මොහොතකට කලියෙන්
නුඹ මගේ නලලත සිඹ හරි ආදරයෙන්
දුන්න හාදුව...
හදවත ගැහෙයි මගේ හයියෙන්
යන්න දෙන්නට නොහැකි අයුරින්...
පාළුවක් දැනෙයි හිත ලඟ
ඒත් යන්නම යන්නේමි මම අද
අයේ හමුවෙමු අපි
පුරුදු ලෙසටම
පාළු පාරේ දෙවැට අයිනේම....