Tuesday, December 18, 2012

අදටත් මම නුඹ වෙනුවෙනම් බලා සිටිමි














අදටත් මම නුඹ වෙනුවෙනම් බලා සිටිමි
------------------------------
--------
ඉටි පහන් එළිය මෙන්
සුළගටම සෙලවිලා
නිවි නිවි දැල්වෙලා
මගේ දිවියේ
ඝණ අඳර දුරළු
ඉටිපහන් එළිය නුඹ...

දිලෙයි නුඹ
නිවි නිවි
දැවි දැවි
දිලෙයි නුඹ
සුලගේ වෙගෙටත් වැඩියෙන්
දිලෙයි නුඹ
මමත් නොසැලෙමි
නිවි නිවි දැල්වෙනා
ඒ ඉටි පහන් එළියෙන්
මම ජිවය පතමි
මමත් ජිවය ලබමි

නිවි ගියත් නුඹ
මගේ දිවිය යලිත් අදුරෙම දමමින්
ආදරෙයි ඒත් මම
නිවි ගිය ඒ ඉටිපහන් එළියට...

අදත් හෙටත් මතුත් නුඹේ වන්නට
නුඹේ එළියෙන් නැහැවෙන්නට
මඟ බලමි මම
නිවි ගිය ඉටි පහනද අතැතිව


______________________________________-මතක සිහිකරමින් ඉටි පහන් එලිය යට

Thursday, December 13, 2012

තාල අමතක කවිය නුඹ මට



අසරණ හදින් හිනැහෙමි මම
මතකයන් ලඟ හිත නතර කර
බොඳවයයි නම් නුඹේ රුව අද
මතක කඳුලින් දොවනු කෙලෙසද

හිතන් නොසැලෙමි නුඹේ අභියස
කඳුළු ඇවිදින් අත වනන විට
මතක කැටිකොට ලිව කවි වල
තාල අමතකව් මටත් රහසෙම

ලියමි තව තව මතක කඳුලින්
පෙමින් පැරදුනු අකුරු ඇහිදන්
බොඳව ගිය කවි මතක අතුරින්
ලොවක් සොයනෙමි නුඹට රහසින්