Thursday, December 13, 2012
තාල අමතක කවිය නුඹ මට
Email This
BlogThis!
Share to X
Share to Facebook
Share to Pinterest
අසරණ හදින් හිනැහෙමි මම
මතකයන් ලඟ හිත නතර කර
බොඳවයයි නම් නුඹේ රුව අද
මතක කඳුලින් දොවනු කෙලෙසද
හිතන් නොසැලෙමි නුඹේ අභියස
කඳුළු ඇවිදින් අත වනන විට
මතක කැටිකොට ලිව කවි වල
තාල අමතකව් මටත් රහසෙම
ලියමි තව තව මතක කඳුලින්
පෙමින් පැරදුනු අකුරු ඇහිදන්
බොඳව ගිය කවි මතක අතුරින්
ලොවක් සොයනෙමි නුඹට රහසින්
වෙන්වෙමු අපේ පෙම් කතාවේ
Email This
BlogThis!
Share to X
Share to Facebook
Share to Pinterest
සසර දිගු මාවතේ
ඔබ ආවාද
මම හිටියාද
පෙරදා මේ ලෙසින්...
හැඟුමන් වියලා
සිතුවිලි කලතා
නුඹ හාටියාද
දුර වෙන් වුවාද
ජිවිත ගමනේ.....
හිමි නොවෙනා
පෙම් සිහින පුරාවට
මම හිටියාද
නුඹ රජ වුවාද
අපේ පෙම් ලොකයේ......
හමුවෙන්න ආයේ
මතුදාක සසරේ
වෙන්වෙමු අපි
අපේ මාවතින්
හිමිනොවන
පෙම් කතාවේ.......
____________________________________
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)