Wednesday, December 12, 2012

අනියම් පෙම


අසම්මත... සම්මත....
ලෝකයක තනිවෙච්ච
අනියම් පෙමක්....
අනසතු හදක්
මටත් අයිති නැති හිනයක්....
මගේ නොවෙන ඇසිල්ලක ඇති
මගෙ නෙවන පෙම් කතාවක්
හෙට
අද
ඊයේ ....

මගේ නෙතගින් පිදෙන්න වෙර දරපු
අනසතු මලක්
නෙලන්නේ කොහොමදො මම
මගේ නොවනා හිනයේ
රජකරනා හිනකුමරුන් නුඹ ලෙසින්

කළුවර හීනය

මම යන්නම්

මම
නිහඩ වෙන්නෙමි
මගේ නිහඩත්වය කිසි දනක
නුඹට වදයක් නොවෙනු ඇත
මගේ නිහඩත්වය
නුඹට කිසිදා ගැටළුවක්ද වනු ඇත

මම යන්නම්
යලිත් නොඑන්නම
මගේ නික්ම යැම

නුඹට කිසිදා නොවැටහෙනු ඇත

මම යන්නම යන්නම්
යලිත් ගියපු මඟ
දෙස නොබලන්න
ඉතිරු වු එකදු
මතක ෂේසයක්වත්
එයි රැඳි නැත...