Tuesday, December 4, 2012

මට නොදැම මම මගේම වෙනවා

කවි හිත ගොළු වි
හැඟුමන් හිර වි
නලියන හිත ලඟ
මම තව හිරවි
ලියන කියන කවි
තව තව රිදවා
මගේ හිත පොඩි කර
කඳුළුගනිනවා
දුක කියනා හිත
තනිව හඩනවා

අසන දකින හිත
හොරැහින් හිනැහි
මට නොදැනිම
පෙම් හින මනවා
මගේ හිත රහසෙම
හින දකිනවා
ගොළු වුන කවිහිත
ආල වඩනවා
මට නොදැම
මම මගේම වෙනවා

අදත් හිනැහෙමි සත්තකින් මං

තනිව හඩනා වෙලාවේ
නෙතු කඳුළු පිසින්නට
අදත් නුඹ එදා වගේ
මගේ ලඟින් සිටියානම්...

දුක කියාගන්නට බැරිව ලැතැවි

සිතින් මම සැසලෙන මොහොතක
එදා වගේ නුඹ මගේ ලඟ සිටියානම්
අදත් හිනැහෙමි සත්තකින් මං

හිතින් ලැතැවුල් දහසකුත් ඇවිදින්
හිත මගේ රිදුවුම් දෙන විට
එදා වගේ නුඹ ලඟින් සිටියා නම්
අදත් තනිනැ මගේ හිතට නම්