Tuesday, December 4, 2012

දිවිය පතමි

කඳුළු වලින් සැඟවි ගිය සිතිවිලි අසලම
මම අසරණ හිතින් හඩමි දුක අඩු වෙන්නම
යදම් ලැබුන ජිවිතයක් තවත් සොයා මම
දිවිය තුලින් දිවිය සොයමි පැරුණු හිත ගෙන

සිනහ ඇවිත් මට ඉඟි දෙයි යලි නොහඩන්නම

කඳුළු වලට සරදම් දෙමි හිතක් දකින්නම
අසරණ වු හැඟුමන් ලඟ යලි නොහැරෙන්නම
ජිවිතයක් පතමි මෙමා නුඹ නොපෙනෙන්නම

ආදරයේ මිරිඟුව ලඟ හිත නොසලමි මම
කඳුළු වලට ඇරයුම් නැ ඇවිත් යන්න තව
මිරිඟුව දුටු කතරක් ලඟපැන් නොසොයනෙමි අද
සිනහව ගෙන අලුත් ලොවට යන්නම් හනිකට
----------------------------------------------------------සෂි-

Thursday, November 29, 2012

නිදන්න නුඹ සුව නින්දකම

සිප වැලද ගන්නම්
ඔය සුමුදු සුසිනිදු මව කමල
ආදරෙන් නහවමින්
පෙම් දියේ කිමිදෙන්න
උවම් නෙලද්දත් මම
පෙම් කරමි සදහටම

නිදන්න නුඹ
සුව නින්නදෙහිම
සුවඳ වත්සුනු තැවරු
සිහින ලොවක් දකිමින්
ඇවිත් මවෙතට
මුදු සෙනෙහෙ පාමින්
නුඹේ සෙනෙහස
ඉතිරිකර හද ගැබ තුල
නුඹ නිදන්න සුව නින්දකම

ආදරෙයි නොකියෙනා
වදන් තුල..
මම සොයමි තව නුඹවම
අන් හදක් තුල
සුවය ලබනා නුඹට‍
පෙම්කරමි මම
මගේ මුළු හදවතින්ම

නිදන්න නූඹ සුව නින්දකම
මට අහිමි ඒ සිහින මවමින
ආදරේ නාමයෙන්....
නිදන්න නුඹ
තව තවත් සුව ලෙසට
මට අහිමි මගේ හිනය
මගේ නොවන ලෙස

______________________________________සෂි-